Wednesday, April 22, 2026
Homeදේශීයඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීමෙන් රෝගියෙකු මියගිය බව කියන සිද්ධිය ගැන හොයන්න සෞඛ්‍ය...

ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දීමෙන් රෝගියෙකු මියගිය බව කියන සිද්ධිය ගැන හොයන්න සෞඛ්‍ය ඇමති ජාතික රෝහලට

ජාතික රෝහලේදී නොසැළකිලිමත්කම නිසා ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීම හේතුවෙන් රෝගියකු මියගිය බවට වන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (01) කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.

මෙම නිරීක්ෂණ චාරිකාවකට සෞඛ්‍ය ලේකම් පාලිත මහීපාල සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ද එක්ව සිටියා.

file

ශෛල්‍යකර්මයක් සඳහා ජාතික රෝහලට ඇතුළත් කළ කාන්තාවකට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීම හේතුවෙන් එම කාන්තාව මියගොස් ඇති බව ට රෝහලට චෝදනා එල්ල වී තිබෙනවා.

file

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සිදු කළ කරුණු විමසීම සෞඛ්‍ය අමාත්‍යාංශය මෙලෙස වාර්තා කළා.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා සමග පළමුව ඉහත සිදුවීම පිළිබද කරුණු විමසු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු නිලධාරින් පසුව අදාල සිදුවීම සිදු වූ ස්ථානය වෙත ගොස් තොරතුරු සොයා බැලීමට ද කටයුතු කරන ලදි.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ සෞඛ්‍ය හා කාර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ කොළඹ ජාතික රෝහලේ සිදු කළ ශල්‍යකර්මයකින් පසුව ජිවිතයක් අහිමිවීම පිළිබද පසුගිය දිනවල කථාබහක් ඇති වු බවත්, මේ පිළිබදව විපරම් කිරිම සදහා අද දින ජාතික රෝහලට පැමිණි බවයි. ඉහත සිදුවීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් ජාතික රෝහල‍ෙන් ආරම්භ කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විධිමත් කමිටුවක් හරහා ද මේ පිළිබද සාක්ෂි විමසීමක් දැනටමත් ආරම්භ කර ඇති බවද පැවසීය.

රෝගී ජිවිත බේරා ගැනීම සදහා විශිෂ්ට සේවාවක් මෙම රෝහල් පද්ධතිය තුලින් සිදු කරනු ලබනවා මෙන්ම මෙවැනි සිද්ධි සම්බන්ධව පරික්ෂා කිරිම් සිදු කර සිදු වූයේ කුමක් ද යන්න සොයාගෙන එවැනි වරදක් වී ඇත්නම් නැවත එවැනි වරදක් සිදු නොවීමට වගබලා ගැනිම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද පැවැසිය.

ඉහත සිදුවීම පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා…

“ඉහත සිදුවීම සිදුවන අවස්ථාවේ සේවයේ නිරතව සිටි වෛද්‍ය, හෙද සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලින් සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම රෝගී කාන්තාව සැත්කමකට භාජනය කර නැවත වාට්ටුව වෙත ගෙනවිත් නිර්වින්දනයෙන් සුවපත් වන අවස්ථාවේ දි මෙම ගැටළුව මතුව තිබෙන බව වාර්තා වෙනවා. සිදු වූ සිද්ධිදාමය පිළිබදව සාක්ෂි විමසීම දැනටමත් ආරම්භ කර තිබෙනවා.”

READ:   විමල් වීරවංශ අධිකරණයට

“කාබන්ඩයොක්සයිඩ් නොසැළකිලිමත් ලෙස ලබාදීම යන කරුණ පිළිබදව පැහැදිලි ගැටළුවක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. එම ස්ථානයට සම්බන්ධ වූ කාබන්ඩයොක්සයිඩි සිලින්ඩරයක් තිබිලා තිබෙනවා. ඔක්සිජන් ලබාදි ඇති බවත් වාර්තා වී තිබෙනවා. මෙය සිදු වූනේ අවසන් අවස්ථාවේ ද මුල් අවස්ථාවේ ද යන්න පිළිබදවත්, අවසන් අවස්ථාවේ අත්වැරදීමකින් යම් දෙයක් සිදු වුණා ද කියන ගැටළුවත් මෙතන තිබෙනවා. එම ගැටළුව විසදාගැනීමට මෙම පරික්ෂණ සිදු කරන්නේ. ඒ අනුව මතුවන කරුණු අනුව අදාල ක්‍රියාමාර්ග ගන්නවා. අපට විශේෂයෙන්ම අවශ්‍ය කර තිබෙන්නේ වැරැද්දට හේතුව සොයාගෙන නැවත මෙවැනි සිදුවීමක් සිදු නොවීමට පියවර ගැනීමයි. ඒ සම්බන්ධව වාර්තාව අනිද්දා පමණ ලැබුන විගස මේ පිළිබද වැඩිදුර තොරතුරු ලබාදීමට කටයුතු කරනවා.” යැයිද වැඩිදුරටත් පැවැසීය

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්