Wednesday, September 16, 2026
Homeදේශීයවිනය විරෝධී වැඩකරන පොලිස් නිලධාරීන්ට අජිත් රෝහණ වේවැල පෙන්වයි

විනය විරෝධී වැඩකරන පොලිස් නිලධාරීන්ට අජිත් රෝහණ වේවැල පෙන්වයි

පොලිස් සේවයේ යෙදී සිටිමින් විනය විරෝධි ක්‍රියාවන්හී නිරතවන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග වහාම ගන්නා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

විනය විරෝධි කටයුතු සිදුකරන නිලධාරීන් සම්බන්ධයෙන් ළඟම පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට පැමිණිලි කරන්නැයිද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කලේ ,

‘‘පොලිස් සේවයේ විනය විරෝධී නීති විරෝධී ක්‍රියාකරන නිලධාරීන් සිටිනවානම් ඒ වගේම අපරාධවලට, දූෂණ සිද්ධිවලට සම්බන්ධ නිලධාරීන් ඉන්නවානම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඔවුන් කුමන තරාතිරමක සිටියත් අපිට අදාළ නැහැ. පොලිසියට කැළලක් වන ආකාරයෙන් හැසිරෙන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්න ශ‍්‍රී ලංකා පොලිසිය පසුබට වෙන්නේ නැහැ.

READ:   මේ මොහොතේ අපගේ වඩාත් සිත්ගත් රාජ්‍ය නායකයා හෝ නායිකාව - නවසීලන්ත අගමැතිනී Jacinda Kate Laurell Ardern
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්