Tuesday, September 15, 2026
Homeදේශීයජාතික ආරක්ෂාව බිඳ වැටීම පාස්කු ප්‍රහාරයට හේතු වුණා - සරත් වීරසේකර

ජාතික ආරක්ෂාව බිඳ වැටීම පාස්කු ප්‍රහාරයට හේතු වුණා – සරත් වීරසේකර

බුද්ධි අංශ මුළුමනින්ම අකර්මණ්‍ය කරමින් හමුදාවේ චිත්ත ධෛර්යය දුර්වල කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලනීකරණය කිරීම හා ජාතික ආරක්ෂාව බින්දුවටම ඇද දැමීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය පහසුවෙන් දියත් කිරීමට ඝාතකයන්ට අවස්ථාව හිමි වූ බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති, විශ්‍රාමික රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.

පාස්කුවේ ආගිය තැන් සරත් වීරසේකර පාර්ලිමේන්තුවට කියයි

පාස්කු ප්‍රහාරයට අදාළව මෙරටදී පුද්ගලයන් 676 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 202 දෙනකු බන්ධනාගාරගත කර ඇති බවත් 66 දෙනකුගෙන් රඳවා ගෙන ප්‍රශ්න කරන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඇමැති වීරසේකර මහතා මේ බව සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

READ:   පාස්කු වාර්තාවට ආණ්ඩුවේ අයගෙන්ම විරෝධය?
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

The request cannot be completed because you have exceeded your quota.

පුවත්

පැරණි පුවත්