මේ බව ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය වරයා පැවසුවා.වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය වරයා.

හාල් කිලෝවක් අද රුපියල් 120ක් වෙනවා ගොවියා හාල් දෙන්නේ රුපියල් 51කට නමුත් අතර මැදියන් අදික ලාභයක් අරගෙන තිබෙනවා.බඩඉරිගුත් එහෙමයි.
ජාතික අවශ්‍යතාවය සදහා මුං ඇට මෙට්‍රික්ටොන් 28000ක්ද,
උදු මෙට්‍රික්ටොන් 25000ක්, රටකජු මෙට්‍රික්ටොන් 30000ක් සහ තල මෙට්‍රික්ටොන් 12000 ක් රජයට අවශ්‍ය බව ඇමතිවරයා සදහන් කළා.මේ ඉතා පොඩි ප්‍රමාණය අතරමැදියන් මිලදී ගෙන ඉතා ඉහල මිලකට විකුණන බව අමාත්‍ය වරයා සදහන් කරා.මෙය පාලනය කිරීම සදහා දිවයින පුරා ගොවිජන සේවා මධ්‍යස්ථා මට්ටමින් ගබඩා 105ක් ඉදිකරන බව සදහන් කළා.
මේ සදහා ආසියානු සංවර්ධන බැංකුවේ අධාර ලැබුණු බවත් ,
ගොවිජන සේවා මධ්‍යස්ථා මට්ටමින් මෙම ගබඩා ඉදිකරන්න සැලසුම් කරන බව අමාත්‍ය වරයා පැවසුවා.


