Sunday, August 30, 2026
Homeදේශීයකළු ඉරිදාවෙන් නොනැවතී කළු කොඩි ඔසවන්න! අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

කළු ඉරිදාවෙන් නොනැවතී කළු කොඩි ඔසවන්න! අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු වන තෙක් කළු ඉරිදාවෙන් නොනැවතී විවිධ ස්වරූපයෙන් විරෝධය දැක්වීමට පියවර ගන්නා බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
විරෝධතා මාලාවේ පළමු පියවර වන ‘කළු ඉරිදාව’ මාර්තු 07 වැනිදා සියලු කතෝලික දේවස්ථාන ඔස්සේ ක්‍රියාවට නංවන බවත් විරෝධය දැක්වීමට සියලු නිවෙස්වල කලු කොඩි ඔසවන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කාදිනල් හිමියන් පැවසුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී ඊයේ 02 පැවති මාධ්‍ය හමුවකදීය.

එම මාධ්‍ය හමුව ‘ලයිෆ් ට්‍රැවලර්’ චැනලය ඔස්සේ නරඹන්න.

READ:   භූමිතෙල් භාවිත කරන අඩු ආදායම්ලාභීන්ට සහනාධාරයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්