
කොවිඞ් – 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති තීරණයට ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි එලේනා බී. ටි‍්‍රප්ලිට්ස් මහත්මිය ප‍්‍රසාදය පළ කර ඇති බවට තොරතුරු වාර්තාවනවා.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය කියා ඇත්තේ මෙම තීරණය ශ‍්‍රී ලංකාවේ ජාතීන් අතර සමගියට සහ සහජීවනයට ඉතා වැදගත් වනු ඇති බවයි.


