Sunday, July 26, 2026
Homeදේශීයකෝප්, කෝපා කමිටු සඳහා නව සාමාජිකයන් නම් කෙරේ

කෝප්, කෝපා කමිටු සඳහා නව සාමාජිකයන් නම් කෙරේ

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභාවන් සඳහා තේරිම් කාරක සභාව විසින් නම් කළ නව සමාජික මන්ත්‍රීවරුන්ගේ නම් කතානායකවරයා විසින් අද (19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ මේජර් සුදර්ශන දෙනිපිටිය යන අය නම් කොට තිබේ.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර සහ වේලු කුමාර් යන අයගේ නම් කතානායකවරයා විසින් නිවේදනය කර ඇත.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාලක ගොඩහේවා සහ යූ. කේ. සුමිත් උඩුකුඹුර යන අයගේ නම් කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කර තිබෙනවා.

READ:   දේශපාලනය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට ප්‍රතිසංස්කරණ සිදු කරනවා - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්