ප්‍රවීණ සිනමාවේදී ගාමිණි ෆොන්සේකා මහතාට රුපියල් මිලියන 300ක වන්දියක් ගෙවන ලෙසට මහජන බැංකුවට නියම කර තිබූ තීන්දුව බලරහිත කරමින් අභියාචනාධිකරණය නියෝගයක් ලබා දී තිබෙනවා.
ඒ මහජන බැංකුව ඉදිරිපත් කර තිබූ අභියාචනාවක් සලකා බලමින්.
“ගාමිණි ෆොන්සේකාගෙන් ලක්ෂ 25ක බැංකු පොල්ලක්” මැයෙන් රාවය පුවත්පතේ පුවතක් පලවී ඇති බවත් ඉන් තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ගාමිණි ෆොන්සේකා මහතා පනවා තිබූ නඩුවක් විභාග කළ හම්බන්තොට දිසා අධිකරණය අදාළ වන්දි මුදල ගෙවීමට මහජන බැංකුවට නියම කළා.
ඒ 1999 වර්ෂයේ දෙසැම්බර් 13 වනදා තීන්දුවක් ලබාදෙමින්.
තමන් පවත්වා ගෙන ගිය සැනසුම “හොලිඩේ රිෂෝට් නැමති ආයතනය” 1983 අරගල සමයේ දී විනාශ වීමෙන් බැංකුව හා තමන් ඇතිකරගත් එකඟතාවක් මත ණය මුදල පිළිබඳ ගැටලුව සමථයකට පත්කරගෙන තිබියදී පළවූ එම පුවතින් තම කීර්ති නාමයට හානියක් සිදුව ඇතැයි ගාමිණී ෆොන්සේකා මහතා සිය පැමිණිල්ලෙන් දිසා අධිකරණයට එහිදී පෙන්වා දී තිබුණා.
මූලාශ්‍රය: දිවයින


