අද සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම අද (20) ප්‍රකාශයක් කිරීමට නියමිතයි.
විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් පසුගියදා (18) පැවැත්වුණා.
ඒ සඳහා සම්බන්ධ වූ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ විදුලිබල මණ්ඩලයේ පවතින හිඟය පියවා ගැනීම සඳහා 18%ක විදුලි ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් බවයි.


