ඉදිරි අයවැය මගින් සහන සැලසිය යුතු ප්‍රධාන පාර්ශ්ව අතර රාජ්‍ය සේවකයන් ද සිටින බව වැඩ බලන මුදල් අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් කෙරෙහි රජය ඉතා අවධානයෙන් පසුවන බවයි.
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සංදේශයක් වැඩ බලන මුදල් අමාත්‍යවරයා වෙත ලබා දීම සඳහා රාජ්‍ය සහ පළාත් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය මුදල් අමාත්‍යාංශය වෙත පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.
එහි දී සියඹලාපිටිය මහතා කියා සිටියේ ඉදිරිය අයවැය මගින් අවධානය යොමු විය යුතු පාර්ශ්වය අතර රජයේ ආධාර ලැබිය යුතු පිරිස, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ රාජ්‍ය සේවයකයන් ප්‍රමුඛස්ථානයේ සිටින බවයි.
මීට පෙර සමාජ සුබ සාධනය වෙනුවෙන් වැය කළ රුපියල් බිලියන 65ක පමණ මුදල් අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ රුපියල් බිලියන 200 දක්වා ඉහළ නංවා ඇති බවත් අමාත්‍යවරයා පැවසුවා.
රාජ්‍ය සේවයකයන් ඇතුළු මාසික ස්ථිර ආදායමක් ලබා ගන්නා කණ්ඩායම් මුහුණ දෙන අර්බධය සඳහා කෙටි කාලීන විසඳුමකට වඩා දිගු කාලීන විසඳුමක් කෙරෙහි රජය විශ්වාස කරන බව සඳහන් කළ සියඹලාපිටිය මහතා කියා සිටියේ ඉදිරිය අයවැය මගින් ඊට පදනම සකස් වන බවයි.
2022 වසරේ දී මාසික රාජ්‍ය සේවක වැටුප් බිල ගෙවා දැමීම පිළිබඳ ගැටලු ඇති වූ ආකාරය පෙන්වා පෙන්වා දෙන අමාත්‍යවරයා මේ වන විට රටේ ආර්ථිකය ඊට සාපේක්ෂව ස්ථාවරත්වයකට අවතීර්ණ වී ඇති බව සඳහන් කළා.


