Wednesday, July 29, 2026
Homeදේශීයකුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර සඳහා අයවැයෙන් අවධානය - අමාත්‍ය රමේෂ් පතිරණ

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යපාර සඳහා අයවැයෙන් අවධානය – අමාත්‍ය රමේෂ් පතිරණ

2023 වසරේ අයවැය මගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇති බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. එතුමා මේ බව ප්‍රකාශ කර සිටියේ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවකට රැස්වෙමිනි.

නව අයවැය මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයන් අරමුණු කරගනිමින් රුපියල් බිලියන 02 ක මුදලක් වෙන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා ව්‍යවසායකයින්ට බලපා ඇති ඩොලමයිට් කර්මාන්තය සම්බන්ධ සහ පුපුරණ ද්‍රව්‍ය හිඟය පිළිබඳ ගැටළු විසඳීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළා.

බතික් කර්මාන්තය, මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තය ආශිත ගැටළු නිරාකරණයට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ අතර ක්‍රමානුකූලව ආධාර ලබාදීම සඳහා ව්‍යාපාරිකයින් තෝරාගැනීමට වැඩපිළිවෙළක් සැකසීමට සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබුණා.

READ:   හමුදාව කරන නිරෝධායන මධ්‍යස්ථාන වල වත්මන් තත්ත්වය - Shavendra Silva
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්