Friday, April 17, 2026
Homeදේශීයඩෙංගු අධිවසංගතයක් වීමේ අවදානමක්

ඩෙංගු අධිවසංගතයක් වීමේ අවදානමක්

ඉදිරියේ දී ඩෙංගු රෝගය අධිවසංගත තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපුල් රෝහණ මහතා පවසනවා.

ඒ මහතා ‘ දිවයින පුවත් පත ‘ ට මෙම අදහස් පළ කර තිබුණා.

පවතින වැසි සහිත කාලගුණය සමග අසාමාන්‍ය ලෙස ඩෙංගු රෝගීන් වර්ධනයක් පෙන්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උපුල් රෝහණ මහතා.

“ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපි දකිනවා. මේ සම්බන්ධයෙන් අපි මහජනතාවට අනතුරු අඟවනවා. මහජන මුදල් විනාශ කරමින් ඩෙංගු මර්දන ඒකකය කටයුතු කරන බව පෙනෙනවා. ඩෙංගු රෝගීන් වැඩිවෙන කොට ඩෙංගු වැඩි වෙනවා කියන්න ඩෙංගු මර්දන ඒකකයක් අවශ්‍ය නැහැ. ඩෙංගු මර්දනය සඳහා බිම් මට්ටමේ ඉඳලා ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍යයි.”

මෙම වසරේ ගත වූ මාස 4 තුළ ඩෙංගු රෝගීන් 30,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 15 ක් වාර්තා වී ඇත. එහිදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්.

:මූලාශ්‍රය – දිවයින

READ:   ඔස්ට්‍රියාවෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්