Sunday, April 19, 2026
Homeදේශීයපකිස්ථානයේ ඡන්ද තිබ්බේ නැත්නම් ලංකාවට වුණු දේ වෙයි - ඉම්රාන් ඛාන්

පකිස්ථානයේ ඡන්ද තිබ්බේ නැත්නම් ලංකාවට වුණු දේ වෙයි – ඉම්රාන් ඛාන්

නිසි කලට ඡන්ද නොපැවැත්වුවහොත් ශ්‍රී ලංකාවේ මතුවූ තත්ත්වයට සමාන තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා.

ජනතාවගේ ඡන්ද අයිතිය අවහිර කළහොත් ඔවුන් වීදි බැස ප්‍රචණ්ඩකාරීව හැසිරෙන අවස්ථාවන්වලදී කිසිවෙකුටත් ජන බලය පාලනය කරගත නොහැකි වනු ඇතියි ඉම්රාන් ඛාන් අවධාරණය කරයි.

ඉම්රාන් ඛාන් පවසන්නේ, බලයේ සිටින ආණ්ඩුව ඡන්ද නොපවත්වන්නේ ඔවුන් ඡන්දයෙන් පරාජයට පත්වී බලය ගිලිහෙන නිසා බවයි.

ඡන්දය ප්‍රමාද කළහොත් රටේ පවතින ආර්ථික අර්බුදය තවත් බරපතළ විය හැකි බව ඉම්රාන් ඛාන්ගේ පවසනවා.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙපඩ් ෂරීෆ් ඉකුත් බ්‍රහස්පතින්දා දින එරට ජාතික සභාවේ විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් ජයග්‍රහණය කළේ එරට ජනතාව නැවත නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින පසුබිමකදී වීම විශේෂත්වයක්.

READ:   සමාන්‍ය ජන ජීවිතයට බලපාන සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්