Saturday, April 18, 2026
Homeදේශීයජනපති ආචාර්යවරුන්ට දුන් විසඳුම..

ජනපති ආචාර්යවරුන්ට දුන් විසඳුම..

file

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ එළැඹෙන සැප්තැම්බර් මාසය වන විට සාර්ථකව අවසන් කර රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමෙන් පසුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින මූල්‍ය සහනයන් ඇතුළු වරප්‍රසාද පිළිබඳ සලකා බැලීමට රජයට හැකි වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සමග අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ආචාර්යවරුන්ගේ වැටුප්වලට ප්‍රශ්නයක් ඇති නොවන බව ජනාධිපති මෙහිදී පැවසුවා.

රටේ බංකොළොත් භාවය පිළිබඳ තීන්දුව ඉවත් කර ගැනීමට හැකි ඉක්මනින් කටයුතු කිරීමට සිදුව ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

READ:   රත්‍රං කිලෝ 32ක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්