Thursday, April 23, 2026
Homeක්‍රීඩාතීරණ රැසකින් පසු ශ්‍රී ලංකාව අද තරග බිමට

තීරණ රැසකින් පසු ශ්‍රී ලංකාව අද තරග බිමට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන සිව්වන තරගය අද (21) පැවැත්වෙනවා.

ඒ නෙදර්ලන්තයට එරෙහිව.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 10.30ට ඉන්දියාවේ ලක්නව් හිදී ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායමට එක් වීමේ අරමුණින් හිටපු නායක ඇන්ජිලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක දුශ්මන්ත චමීර ඉන්දියාවට පැමිණියා.

අතිරේක ක්‍රීඩකයින් ලෙස ඔවුන් කණ්ඩායමට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ක්‍රීඩකයින් අබාධයන්ට ලක්වුවහොත් ඒ අනුව මැතිව්ස්ට හා දුෂ්මන්තට තරගයට එක්වීමේ හැකියාව පවතින බවයි වාර්තා වුණේ.

මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට කසුන් රාජිත අද තරගයට කැඳවා ඇති බව වාර්තා වෙනවා.

පසුගිය තරගය අතරතුර පන්දුව හිසේ වැදීමෙන් අබාධයකට ලක්වූ කුසල් ජනිත් පෙරේරා මේ වනවිට පූර්ණ සුවය ලබා සිටිනවා.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියේ මේ දක්වා සහභාගී වූ තරග තුනම පරාජය වී සිටින අතර එක් තරගයක් ජයගනිමින් නෙදර්ලන්තය ප්‍රසාද ලකුණු සටහනේ 9 වන ස්ථානයේ රැදී සිටිනවා.

ලෝක කුසලාන තරගාවලියක නෙදර්ලන්තය හා ශ්‍රී ලංකාව එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙයයි.

READ:   දකුණු අප්‍රිකාව හමුවේ අසරණ වූ ඕස්ට්‍රේලියාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්