දේශීය

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි


COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA), ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය (SLMMF) සහ යාපනය මාධ්‍ය සමාජය (JPC) සමඟ එක්ව සංවිධානය කරනු ලබන කාන්තා මාධ්‍යවේදීන්, සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා වන ඩිජිටල් සමානාත්මතා: AI පුහුණු වැඩමුළු (Digital Equity SL: AI training) සඳහා අයදුම්පත් කැදවීම දැන් සිදුකරනු ලැබේ.
ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී කොළඹ, යාපනය, මහනුවර සහ පුත්තලම යන නගරවල පැවැත්වීමට නියමිත මෙම පූර්ණ දින වැඩමුළු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පැවැත්වෙන අතර, පසුව මාර්ගගත පසුවිපරම් සැසි ද පැවැත්වේ.
AI භාවිතයෙන් වාර්තාකරණය සහ අනෙකුත් වෘත්තීය කටයුතු වැඩිදියුණු කර ගැනීම මෙන්ම, AI තාක්ෂණය අයුතු ලෙස භාවිත කිරීමෙන් එල්ල විය හැකි තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය හැකියාවන් යන ද්වීත්ව හැකියාවන් ගෙන් සහභාගිවන්නන් සන්නද්ධ කිරීම මෙම පුහුණුවේ ප්‍රධාන අරමුණයි.
න්‍යායාත්මක දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ඒකාබද්ධ කරමින් පැවැත්වෙන වැඩමුළුවලදී AI පිළිබඳ මූලික සංකල්ප, ප්‍රායෝගික AI මෙවලම්, තාක්ෂණය හරහා සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය (TFGBV) හඳුනාගැනීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම, ඩිජිටල් ආරක්ෂාව, දත්ත ආරක්ෂණය, AI සදාචාරාත්මකව භාවිත කිරීම සහ උපදේශන කටයුතු සඳහා AI භාවිතය ඇතුළු කරුණු ආවරණය කෙරේ.
ඒ අනුව, AI මෙවලම් වගකීමෙන් හා සදාචාරාත්මකව භාවිත කිරීම, AI මගින් මෙහෙයවනු ලබන තර්ජන හඳුනාගැනීම සහ ඩිජිටල් ආරක්ෂණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සඳහා සහභාගිවන්නන්ට ප්‍රායෝගික දැනුම සහ කුසලතා ලබාදීම අපේක්ෂා කෙරේ.

මෙම වැඩමුළු මෙහෙයවනු ලබන්නේ බලපෑම් මෙහෙයුම්, සාවද්‍ය තොරතුරු සහ ඩිජිටල් ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර අධිකාරියක් වන ආචාර්ය සංජන හත්තොටුව විසිනි.

“නවීන ප්‍රවෘත්ති කාමර, උපදේශන වැඩසටහන් සහ ඩිජිටල් අවකාශය තුළ නායකත්වය ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම, වේගයෙන් වෙනස් වන ඩිජිටල් පරිසරය තුළ තමන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය මෙවලම් ද කාන්තා මාධ්‍යවේදීන්, අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නන් , සිවිල් ක්‍රියාකාරීන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් සතුව ඇති බව සහතික කිරීම මෙම වැඩසටහනේ අරමුණයි,” වැඩසටහන් ප්‍රධානී සහ SAWM ශ්‍රී ලංකා භාරකාරිනී ලෙස කටයුතු කරන ශාර්මිණි බොයිල් වැඩසටහන ගැන අදහස් දක්වමින් පැවසීය.
මාධ්‍ය ආයතන නියෝජනය කරන මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, සිවිල් සමාජ සංවිධාන සහ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් ඇතුළු මේ පිලිබඳ උනන්දුවක් දක්වන අයට 2026 සැප්තැම්බර් 15 දිනට පෙර අයදුම් කළ හැකිය.
අයදුම්පත්: https://www.sawmsrilanka.org/ai-training-2026
වැඩමුළු කාලසටහන
2026 ඔක්තෝබර් 13 — කොළඹ (සිංහල)
2026 ඔක්තෝබර් 20 — යාපනය (දෙමළ)
2026 ඔක්තෝබර් 27 — මහනුවර (සිංහල)
2026 නොවැම්බර් 3 — පුත්තලම (සිංහල/දෙමළ)
2026 නොවැම්බර් 10 — කොළඹ (ඉංග්‍රීසි)

මෙම වැඩමුළු “Digital Equity SL: Responsible AI Empowering Women, Media and Civil Society – AI Literacy Workshops for Women Journalists, Civil Society Actors and Policy Makers” වැඩසටහනේ කොටසක් වන අතර, Canada Fund for Local Initiatives (CFLI) හි සහාය මත ක්‍රියාත්මක වේ.
SAWM ශ්‍රී ලංකාව පිළිබඳව:
2009 වසරේදී ස්ථාපිත කරන ලද දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ – ශ්‍රී ලංකා පරිච්ඡේදය (SAWM-SL) යනු මාධ්‍ය නිදහස, ප්‍රවෘත්ති කාමර තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ ශ්‍රී ලංකාවේ කාන්තා මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන, දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී නොවන ජාලයකි.
වැඩි විස්තර සඳහා: sawmsrilanka@gmail.com
(The life Traveler)

Recent Posts

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

14 hours ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

2 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

2 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

4 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

4 days ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

4 days ago