Friday, July 24, 2026
Homeවිදේශීයශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට ඇමරිකාවෙන් නව තීරුබදු

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට ඇමරිකාවෙන් නව තීරුබදු

අමෙරිකාව විසින් අද(24) සිට බලාත්මක කරනු ලබන නව ආනයන තීරුබදු පැනවීමට මුහුණ දෙන වෙළෙඳ පාර්ශ්වකරුවන් 60 දෙනා අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබේ.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් හඳුන්වා දුන් මෙම නව වෙළෙඳ පියවර යටතේ, ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 17කින් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 10%ක බදු ප්‍රතිශතයක් පනවා ඇතැයි එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) නිවේදනය කර ඇත.

මෙම බදු ප්‍රතිශතයට යටත් සෙසු රටවල් වන්නේ ආර්ජන්ටිනාව, බංග්ලාදේශය, කාම්බෝජය, කැනඩාව, ඉක්වදෝරය, එල් සැල්වදෝරය, ග්වාතමාලාව, හොන්ඩුරාස්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජෝර්දානය, මැලේසියාව, මෙක්සිකෝව, පාකිස්තානය, එක්සත් රාජධානිය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ ය.

එමෙන්ම යුරෝපීය සංගමයෙන් හෝ තායිවානයෙන් ආනයනය භාණ්ඩ සඳහාද මෙම ප්‍රතිශතයම අදාළ වේ.

මීට අමතරව ඇල්ජීරියාව, ඇන්ගෝලාව; ඔස්ට්‍රේලියාව, බහමාස්, බහරේන්, බ්‍රසීලය, චිලී, චීනය, කොලොම්බියාව, කොස්ටාරිකාව, ඩොමිනිකන් ජනරජය, ඊජිප්තුව, ගයනාව, හොංකොං,ඉරාකය, ඊශ්‍රායලය, ජපානය, කසකස්තානය, කුවේට්, ලිබියාව, මොරොක්කෝව, නවසීලන්තය, නිකරගුවාව, නයිජීරියාව, නෝර්වේ, ඕමානය, පේරු, පිලිපීනය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, උරුගුවේ, වෙනිසියුලාව සහ වියට්නාමය යන රටවලට 12.5%ක බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මකය.

මෙම නව බදු පැනවීමට මූලිකම හේතුව වී ඇත්තේ අදාළ රටවල් තුළ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් දක්වන ලිහිල් ප්‍රතිපත්තිය බව වාර්තා වේ.

ඒ අනුව බලහත්කාර ශ්‍රමය සම්බන්ධ ආනයන සීමා කිරීම් බලාත්මක කිරීමට ශ්‍රී ලංකාව පියවර ගෙන තිබීම හේතුවෙන් මෙලෙස, අඩු තීරුබදු අනුපාතයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබේ.

:දිනමිණ

READ:   “බැම්බි බකට්“ නම් නම්‍යශීලී ජල බදුන
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්