දේශීය

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

file

නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම බස්රථ 600ක් මිලදී ගැනීමට රජය තීරණය කරයි.

රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49-54 කින් සමන්විත Standard මාදිලියේ නව බස්රථ 600ක් මෙලෙස මිල දී ගැනීමට නියමිත අතර ඒ සඳහා රුපියල් මිලියන 14,400ක අය-වැය ප්‍රතිපාදන වෙන්කර තිබෙන කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (21) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එලෙස ප්‍රතිපාදන වෙන් කිරීමෙන් අනතුරුව, මාර්ග ආරක්ෂණ සැලැස්ම 2025-2026 හඳුන්වාදී තිබෙන අතර නගරාන්තර හා දුරගමන් සේවා සඳහා භාවිතයට සුදුසු බස්රථ වර්ග සහ ඒවායේ අවම පිරිවිතර පිළියෙල කරන බව ද එම පිරිවිතරයන්ට අනුව නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ (වායුසමනය කරන ලද) බස්රථ සේවයේ යෙදවිය යුතු බව ද ඒ මහතා පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා –

‘මේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම අපේක්ෂාවයි. ප්‍රසම්පාදනයට යම් කාලයක් යනවා. 2026 වසරේ අත්තිකාරම් ගෙවීම සඳහා රුපියල් මිලියන 5,400ක් අවශ්‍ය වෙනවා. අමතරව අත්තිකාරම් ගෙවන්න මිලියන 1,800ක අවශ්‍යතාවක් තිබෙනවා. 2027/28 වෙනුවෙන් රුපියල් මිලියන 5,400 ක අතිරේක ප්‍රතිපාදන බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අතිරේකව බස්රථ මිලට ගැනීම සඳහා රුපියල් මිලියන 14,400 වෙනුවට අමතරව තවත් රුපියල් මිලියන 7,200ක අවශ්‍යතාවක් පැනනැඟී තිබෙනවා.

ඒ නිසා රුපියල් මිලියන 21,600ක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව කටයුතු කරනවා. ඒ අනුව, දැනටමත් ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇති Standard මාදිලියේ නව බස්රථ 600 වෙනුවට Deluxe මාදිලියේ (වායුසමනය කරන ලද) වඩා සුවපහසු බස්රථ මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. අපේ බස්රථ පරණයි. අලුත් බස්රථ මිලට ගන්න මෙලෙස මුදල් වෙන්කර තිබෙනවා. අලුත්වැඩියා කරන්න පුළුවන් බස්රථ අලුත්වැඩියා කරනවා.

මහින්ද අලුත්ගෙදර

උපුටාගැනීම – දිනමිණ

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

2 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

4 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

4 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

6 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

6 days ago