දේශීය

දුර ගමන් යන්න ලංගමට නවීන AC බස් 600ක් – මිලියන 14,400ක් වෙන් කරයි

file

නගරාන්තර සේවා සහ දුරගමන් සේවා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට වායුසමීකරණය කරන ලද නවතම බස්රථ 600ක් මිලදී ගැනීමට රජය තීරණය කරයි.

රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ආසන 49-54 කින් සමන්විත Standard මාදිලියේ නව බස්රථ 600ක් මෙලෙස මිල දී ගැනීමට නියමිත අතර ඒ සඳහා රුපියල් මිලියන 14,400ක අය-වැය ප්‍රතිපාදන වෙන්කර තිබෙන කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (21) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එලෙස ප්‍රතිපාදන වෙන් කිරීමෙන් අනතුරුව, මාර්ග ආරක්ෂණ සැලැස්ම 2025-2026 හඳුන්වාදී තිබෙන අතර නගරාන්තර හා දුරගමන් සේවා සඳහා භාවිතයට සුදුසු බස්රථ වර්ග සහ ඒවායේ අවම පිරිවිතර පිළියෙල කරන බව ද එම පිරිවිතරයන්ට අනුව නගරාන්තර හා දුරගමන් සේවා සඳහා Deluxe මාදිලියේ (වායුසමනය කරන ලද) බස්රථ සේවයේ යෙදවිය යුතු බව ද ඒ මහතා පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා –

‘මේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම අපේක්ෂාවයි. ප්‍රසම්පාදනයට යම් කාලයක් යනවා. 2026 වසරේ අත්තිකාරම් ගෙවීම සඳහා රුපියල් මිලියන 5,400ක් අවශ්‍ය වෙනවා. අමතරව අත්තිකාරම් ගෙවන්න මිලියන 1,800ක අවශ්‍යතාවක් තිබෙනවා. 2027/28 වෙනුවෙන් රුපියල් මිලියන 5,400 ක අතිරේක ප්‍රතිපාදන බලාපොරොත්තු වෙනවා. සමස්තයක් ලෙස අතිරේකව බස්රථ මිලට ගැනීම සඳහා රුපියල් මිලියන 14,400 වෙනුවට අමතරව තවත් රුපියල් මිලියන 7,200ක අවශ්‍යතාවක් පැනනැඟී තිබෙනවා.

ඒ නිසා රුපියල් මිලියන 21,600ක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා. ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුව කටයුතු කරනවා. ඒ අනුව, දැනටමත් ප්‍රතිපාදන වෙන් කරනු ලැබ ඇති Standard මාදිලියේ නව බස්රථ 600 වෙනුවට Deluxe මාදිලියේ (වායුසමනය කරන ලද) වඩා සුවපහසු බස්රථ මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා. අපේ බස්රථ පරණයි. අලුත් බස්රථ මිලට ගන්න මෙලෙස මුදල් වෙන්කර තිබෙනවා. අලුත්වැඩියා කරන්න පුළුවන් බස්රථ අලුත්වැඩියා කරනවා.

මහින්ද අලුත්ගෙදර

උපුටාගැනීම – දිනමිණ

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

6 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

7 days ago