Categories: දේශීය

ප්‍රංශයේ ජාතික දින සැමරුමට හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එක්වෙයි

පැරිස් / ජූලි 20 – ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ පිහිටි Buis-les-Baronnies නගරයේ පැවති ප්‍රංශ ජාතික දිනය (Bastille Day) සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වී තිබේ.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ, එම ප්‍රදේශයේ මිතුරන් හමුවීම සඳහා සංචාරයක නිරතව සිටියදී නගරාධිපතිවරයා විසින් මෙම ජාතික උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස තමන්ට ආරාධනා කළ බවයි.

උත්සවය අමතමින් කුමාරතුංග මහත්මිය ප්‍රංශ විප්ලවය ලොවට දායාද කළ නිදහස, සමානාත්මතාව සහ සහෝදරත්වය යන මූලධර්මයන් පිළිබඳ සිය ගෞරවය පළ කළාය. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස සම්බන්ධයෙන් ප්‍රංශය අනුගමනය කළ වටිනාකම් තමන්ගේ දේශපාලන සහ පෞද්ගලික ජීවිතයට ද දැඩි බලපෑමක් ඇති කළ බව ද ඇය සඳහන් කළාය.

තමන් ප්‍රංශයේ උසස් අධ්‍යාපනය ලැබූ කාලය තුළ ලබාගත් අත්දැකීම්, පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේදී ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ යහපාලන මූලධර්ම ආරක්ෂා කිරීමට මග පෙන්වූ බව ද ඇය සිය කතාවේදී අවධාරණය කළාය.

එහිදී දේශගුණික විපර්යාස හේතුවෙන් ප්‍රංශය ඇතුළු ලෝකය මුහුණ දෙන අභියෝග පිළිබඳව ද අදහස් දැක්වූ ඇය, වර්තමානයේ ලෝකය වේගවත් වෙනස්කම්වලට ලක්ව ඇති බවත්, විශාල හෝ කුඩා සියලු රටවල් එක්කරමින් සාමය හා ප්‍රගතිය කරා ගෙන යා හැකි දූරදර්ශී නායකත්වයක අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බවත් ප්‍රකාශ කළාය.

Bastille Day ලෙස හැඳින්වෙන ප්‍රංශ ජාතික දිනය සෑම වසරකම ජූලි 14 දින සමරනු ලබන අතර, 1789 වසරේ බස්ටිල් බලකොටුව අල්ලා ගැනීමත් සමඟ ආරම්භ වූ ප්‍රංශ විප්ලවය සිහිපත් කිරීම එහි ප්‍රධාන අරමුණ වේ.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

3 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

3 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

7 days ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago