දේශීය

අධි­ක­ර­ණය වාර්තා­වක් ඉල්ලයි

file

හිටපු පොලි­ස්පති චන්දන දීපාල් වික්‍ර­ම­රත්න මහතා ඔහුගේ නි‍ෙව­සේදී වෙඩි වැදී මිය­යෑමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විධි­මත් විම­ර්ශ­න­යක් සිදු­කොට, එහි ප්‍රගති වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස කඩු­වෙල මහේ­ස්ත්‍රාත් අරුණ ඉන්ද්‍ර­ජිත් බුද්ධ­දාස මහතා මාලබේ පොලී­සියේ ස්ථානා­ධි­ප­ති­ව­ර­යාට නියෝග කළේය. මාලබේ පොලී­සියේ නඩු කට­යුතු මෙහෙ­යුම් නිල­ධාරි සැර­යන් රුවන් කරු­ණා­දාස මහතා (69042) අධි­ක­ර­ණ­යට කළ කරුණු දැක්වී­මක් සැල­කි­ල්ලට ගනි­මින් මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය නිකුත් කළේය.

මාලබේ, තලා­හේන ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි හිටපු පොලි­ස්ප­ති­ව­රයා වෙඩි වැදී මිය­ගොස් ඇති බවත්, ඔහුගේ මෘත දේහය නැඟෙ­න­හිර කොළඹ (මුල්ලේ­රි­යාව) මූලික රෝහලේ තැන්පත් කර ඇති බව­ටත් රෝහල් පොලී­සිය මඟින් මාලබේ පොලී­සි­යට දැනුම් දී තිබුණි. පොලී­සියේ ඉල්ලීම පරිදි, වෙඩි වැදීම සිදුවූ තලා­හේන පිහිටි නි‍ෙවස වෙත ගිය කඩු­වෙල මහේ­ස්ත්‍රා­ත්ව­රයා අදාළ අප­රාධ ස්ථානය නිරී­ක්ෂ­ණය කළේය.

මේ අතර, අලු­ත්කඩේ අංක 08 මහේ­ස්ත්‍රාත් කසුන් කංචන දස­නා­යක මහතා නැඟෙ­න­හිර කොළඹ මූලික රෝහල වෙත ගොස් මෘත දේහය පරීක්ෂා කළ අතර, පශ්චාත් මරණ පරී­ක්ෂ­ණ­යක් පවත්වා මර­ණ­යට හේතු සහිත වාර්තාව කඩු­වෙල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­ව­ර­යාට නියෝග කළේය. පරී­ක්ෂ­ණ­යෙන් පසු මෘත දේහය හිටපු පොලි­ස්ප­ති­ව­ර­යාගේ පුත් විනුර වික්‍ර­ම­රත්න මහතා වෙත භාර­දී­ම­ටත්, අව­සන් කට­යුතු තලා­හේන පොදු සුසාන භූමි­යේදී සිදු කිරී­ම­ටත් අධි­ක­ර­ණය අව­සර ලබා දුන්නේය. සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර විම­ර්ශන නුගේ­ගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මංගල දෙහි­දෙ­ණිය මහ­තාගේ උප­දෙස් සහ සහ­කාර පොලිස් අධි­කාරි නිරෝ­ෂන් මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ, මාලබේ පොලිස් ස්ථානා­ධි­පති ප්‍රදීප් රණ­සිංහ මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් ක්‍රියා­ත්ම­කය.

නව­ග­මුව සමූහ – සුගත් ප්‍රේම­ති­ලක

උපුටා ගැනීම – දිනමිණ

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

2 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

4 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

4 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

6 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

6 days ago