මත්ද්‍රව්‍ය භාවිතා කිරීම, ඇබ්බැහි වීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා පරිවාසගත වූ දරුවන් පුනරුත්ථාපනය කරන්න විශේෂ වැඩ පිළිවෙලක් නුදුරේදී ඇති කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.
අද (14) අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තා සහ ළමා අනුකමිටුව කැඳවූ අවස්ථාවේදී අමාත්‍යවරිය මේ බව පැවසුවාය.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් කාන්තා සහ ළමා විෂය ක්ශේත්‍රයට අදාළ තොරතුරු, ගැටළු සාකච්ඡා කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලට සමගාමීව මෙම කාන්තා සහ ළමා අනුකමිටු පිහිටුවීම සිදුවිය.
මෙම අනුකමිටුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ක්ශේත්‍ර නිලධාරීන් සහ දිස්ත්‍රික්කයේ දරුවන් වෙනුවෙන් මැදිහත් වන අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂාව පිළිබඳ වගකියනු ලබන ආයතන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවන් සහ ළමුන් පිළිබඳ විශේෂ සංඛ්‍යා දත්ත සහ තොරතුරු පිළිබඳ අමාත්‍යවරිය නිලධාරීන්ගෙන් විමසූ අතර එහිදී හඳුනාගත් අඩුපාඩු සහ දත්ත මදිකම් පිළිබඳව සැළකිලිමත් වන ලෙස අමාත්‍යවරිය සියලු නිලධාරීන්ට අවධාරනය කළේය.


