Friday, August 28, 2026
Homeදේශීයමීගමුව බන්ධනාගාර ගැටුමේ මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – තවත් නිලධාරීන් දෙදෙනෙකු...

මීගමුව බන්ධනාගාර ගැටුමේ මරණ සංඛ්‍යාව 31 දක්වා ඉහළට – තවත් නිලධාරීන් දෙදෙනෙකු මරුට

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩකාරී ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (13) සහ අද (14) අලුයම එම නිලධාරීන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් වයස අවුරුදු 25 සහ 39 අතර පසුවන බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය ජූලි 5 සහ 6 දෙදින තුළ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවියන් 21 දෙනෙකු ද මියගොස් ඇති බවයි.

ඒ අනුව, මෙම සිද්ධියෙන් මියගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව මහ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

: දිනමිණ

READ:   2023 වර්ෂයට අදාළ ANNI වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්චේදය එළිදැක්වෙයි…
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්