විදේශීය

වෙනිසියුලාවේ සුන්බුන් අතරින් දින 8කට පසු සීරීමක්වත් නැතුව බේරුණු හර්නන් ගිල්

වෙනිසියුලාවේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් කඩා වැටුණු වෙළෙඳ සංකීර්ණයක බිම් මහලේ සුන්බුන් අතර දින අටක් තිස්සේ සිරවී සිටි 43 හැවිරිදි ආරක්ෂක නිලධාරියෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට ජාත්‍යන්තර සහන කණ්ඩායම් සමත්ව තිබේ.

පසුගිය ජුනි 24 වැනිදා එරටට බලපෑ ද්විත්ව භූකම්පනයෙන් පසු ලා ගුවයිරා ප්‍රදේශයේ කඩා වැටුණු ගැලරියාස් ප්ලායා ග්‍රෑන්ඩ් වෙළෙඳ සංකීර්ණයේ සුන්බුන් අතර මෙලෙස සිරවී සිටියේ හර්නන් ඇල්බර්ටෝ ගිල් ෆ්ලෝරස් නැමැති අයෙක් බව සඳහන් වේ.

මොහු බේරා ගැනීම වෙනිසියුලානු ඉතිහාසයේ සුවිශේෂී සහ හාස්කම් සහගත ජීවිත ගැලවීමක් ලෙසයි සහන සේවකයින් කියා සිටි.

වෙනිසියුලාව, චිලී, කොස්ටාරිකාව, එල් සැල්වදෝරය, අමෙරිකාව, පෘතුගාලය සහ මෙක්සිකෝව නියෝජනය කළ සහන කණ්ඩායම් පැය 100 කට අධික කාලයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දරමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබුණි.

පසු කම්පන සහ අධික වර්ෂාව මධ්‍යයේ අනතුරුදායක සුන්බුන් අතරින් උමං මාර්ග දෙකක් සකස් කරමින් මෙම ආරක්ෂක නිලධාරියා වෙත ළඟා වීමට සහන කණ්ඩායම් සමත්ව ඇති බව වාර්තා වේ. ඔහු සිටි ස්ථානය හඳුනා ගැනීමෙන් පසු පටු නළයක් මාර්ගයෙන් ජලය සහ ද්‍රව පෝෂ්‍ය පදාර්ථ ලබා දෙමින් ඔහුව ජීවත් කරවීමට සහන සේවකයින් කටයුතු කර තිබේ.

ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ ඔහු සිටි ආරක්ෂක කුටියට දැඩි හානි සිදු නොවීම හේතුවෙන් නිර්මාණය වූ කුඩා වායු අවකාශයක ඔහුව සුන්බුන්වලට යටවීමෙන් ආරක්ෂා වී ඇති බව සදහන් වේ.
ඔක්සිජන් මුහුණු ආවරණයක් සහිතව ඔහුව රෝගී ප්‍රවාහන ඇඳක් මත තබා පිටතට රැගෙන එන අවස්ථාවේදී එහි සිටි පිරිස් ප්‍රීති ඝෝෂා පවත්වා ඇති අතර පසුව ඔහු වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබුණි.

උතුරු වෙනිසියුලාවට බලපෑ මෙම ද්විත්ව භූකම්පන හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 2,200 කට අධික පිරිසක් මියගොස් 11,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති පසුබිමක, මෙම ගලවා ගැනීමේ මෙහෙයුම එරට ජනතාවට විශාල බලාපොරොත්තුවක් ගෙන දී ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

උපුටා ගැනීම – දිනමිණ

Recent Posts

BREAKING හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන…

3 hours ago

ළමුන් 46000ක් හිංසනයට ලක් වෙලා,ඔවුන්ට කඩිනමින් යුක්තිය ඉටුවිය යුතුයි!! – සජිත්

අද වන විට අප රටේ ළමා හිංසනයට, අපයෝජනයට ලක්වූ 46000ක් නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවන…

3 hours ago

රඛිත සහ චරිත් අධිකරණයට රැගෙන එයි

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හොරණ ආසන…

3 hours ago

New Chairman and Members Appointed to the Board of Investment of Sri Lanka

President Anura Kumara Dissanayake has appointed Presidential Senior Economic Adviser Duminda Hulangamuwa as the new…

2 days ago

මාලබේ දන්සැලක පෝලිම් ප්‍රශ්නයක් නිසා තරුණයකුට පහරදුන් 16-17 හැවිරිදි සැකකරුවන් 05ක් අත්අඩංගුවට

පොසොන් පොහෝ දින මාලබේ නගරයේ පැවති දන්සැලක් අසලදී තරුණයකුට පිරිසක් ආරක්ෂක හිස්වැසුම් වලින් සහ අතින්…

2 days ago

UN Resident Coordinator Visits Historic Maha Saman Devalaya in Ratnapura

Ratnapura, Sri Lanka The United Nations Resident Coordinator (Marc-André Franche) in Sri Lanka began the…

2 days ago