විදේශීය

මාස තුනක බිළිදකු සමග ස්වීඩන් ඇමතිවරිය යුරෝපා සංගමේ අමාත්‍ය හමුවට ඇවිත්

ලක්සම්බර්ග් | ජූනි 26

යුරෝපා සංගම් (EU) දේශගුණික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍ය හමුවකදී ස්වීඩනයේ දේශගුණ හා පරිසර අමාත්‍යවරිය වන රොමිනා පෝර්මොක්තාරි (Romina Pourmokhtari) සිය මාස තුනක් වයසැති පුත්‍රයා සමඟ පැමිණියා. එය යුරෝපා සංගම් අමාත්‍ය මණ්ඩල රැස්වීමකට බිළිඳකු සහභාගී වූ පළමු අවස්ථාව ලෙස සැලකේ.

ලක්සම්බර්ග්හි පැවති මෙම රැස්වීමට බිළිඳා සමඟ පැමිණීමෙන් ඇය අදහස් කළේ, රැකියාව සහ මාතෘත්වය අතරින් එකක් තෝරාගැනීමට කාන්තාවන්ට සිදු නොවිය යුතු බව ප්‍රායෝගිකව පෙන්වා දීම බව ඇය රොයිටර්ස් පුවත් සේවයට පැවසුවා.

2022 වසරේදී අමාත්‍ය ධුරයට පත්වන විට ස්වීඩන ඉතිහාසයේ ලාබාලතම අමාත්‍යවරිය වූ 30 හැවිරිදි පෝර්මොක්තාරි, ප්‍රසූත නිවාඩුවේන පසු ඇය රාජකාරී වැඩ ස‍දහා පැමිණියා. ඇයගේ සැමියා ද මේ රැස්වීම අතරතුර දරුවා බලා ගැනීමට පැමිණ සිටීම විශේස සිද්ධියක්,

ස්වීඩනය ලෝකයේ වඩාත්ම උසස් මාපිය නිවාඩු ක්‍රමයක් ක්‍රියාත්මක කරන රටකි. දරුවකු ලැබීමෙන්ර පසු එරට දෙමාපියන්ට සමස්තයක් ලෙස මාස 16ක පමණ නිවාඩුවක් හිමිවන අතර, එයින් දින 90 බැගින් මවට සහ පියාට වෙන වෙනම වෙන් කර ඇති අතර, එම දින අනෙක් පාර්ශ්වයට පැවරිය නොහැක. මෙම ක්‍රමය පියවරුන් ද දරුවන්ගේ රැකවරණයට සක්‍රීයව දායක කර ගැනීම අරමුණු කරයි.

මෙම සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් පෝලන්තයේ නියෝජ්‍ය දේශගුණ අමාත්‍ය ක්‍රිෂ්ටොෆ් බොලෙස්ටා පැවසුවේ, දේශපාලන රැස්වීමක බිළිඳකු සිටීම කිසිදු බාධාවක් නොවන බවත්, “එය ජීවිතයේ සාමාන්‍ය කොටසක්” බවත්ය.

මෙම සිදුවීම යුරෝපය තුළ පවුල් හිතකාමී සේවා පරිසරයක්, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ රැකියාව හා පවුල් ජීවිතය අතර සමබරතාව පිළිබඳ සාකච්ඡාවට නව අවධානයක් යොමු කර තිබේ.

උපුටා ගැනීම රොයිටර් පුවත් සේවය

Recent Posts

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

3 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

3 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

5 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

6 days ago

ලංකාවේ සේවා අංශය වේගවත් වෙයි – PMI දර්ශකය 65.6 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…

6 days ago

රෝහල් සේවාවට AI එයි – ශ්‍රී ලංකාවේ පළමු AI Hospital Chatbot හඳුන්වා දෙයි

මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…

6 days ago