දේශීය

මාලබේ දන්සැලක පෝලිම් ප්‍රශ්නයක් නිසා තරුණයකුට පහරදුන් 16-17 හැවිරිදි සැකකරුවන් 05ක් අත්අඩංගුවට

පොසොන් පොහෝ දින මාලබේ නගරයේ පැවති දන්සැලක් අසලදී තරුණයකුට පිරිසක් ආරක්ෂක හිස්වැසුම් වලින් සහ අතින් පයින් පහරදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය විය.

සිද්ධිය සම්බන්ධයෙන් 2026.06.30 දින මාලබේ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් විසින් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කෙරිණි. ඒ අනුව එදිනම (30) පහරදීමට සම්බන්ධ වයස අවුරුදු 16 සහ 17 යන වයස්වල පසුවන, පට්ටියවත්ත පාර කොතලාවල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් 05 දෙනෙකු මාලබේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මාලබේ නගරයේ පැවති බත් දන්සලක් සඳහා තරුණයකු පෝලිමේ රැඳී සිටියදී, පෝලිමෙන් පිටත සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහුට ඉදිරියෙන් පෝලිමට එකතු වීමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී අදාළ තරුණයා ඔවුන්ට පිටුපසින් පෝලිමට එක්වන ලෙස දැනුම් දීම මෙම පහරදීමට මුලික හේතුව වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 day ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 day ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

1 day ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

3 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

3 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

1 week ago