ක්‍රීඩා

දිවයිනේ සිව්දෙසින් එක්වන තරුණ පරපුර හරහා ශ්‍රී ලංකාව තුළ නව ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම අපගේ අරමුණයි” – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ජාතික යොවුන් සේනාංකය මගින් දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාතික තලයට ඔසවා තැබීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “Youth Spirit Sports Festival – 2026” ජාතික ක්‍රීඩා උළෙලේ අවසන් මහා තරග සහ සම්මාන ප්‍රදානෝත්සවය දිවුලපිටිය ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත් වුණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, “වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘පොහොසත් රටක ලස්සන ජීවිතයක්’ නිර්මාණය කිරීමේදී ක්‍රීඩාව යනු අතිශය වැදගත් සාධකයක්. ජාති, ආගම් හෝ ප්‍රාදේශීය වශයෙන් බෙදී වෙන්ව සිටි අඳුරු යුගය නිමා කරමින්, උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර යන සිව්දෙසින්ම පැමිණි තරුණ දරුවන් අද එකම ක්‍රීඩා පිටියක සහයෝගයෙන් කටයුතු කරනු දැකීම සතුටට කරුණක්. ජාතික තලයට යාමට අවස්ථාව නොලැබෙන ග්‍රාමීය මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන, ඔවුන් ජාත්‍යන්තරය දක්වා ගෙන යාමට මෙවැනි තරගාවලි විශාල පිටිවහලක් වෙනවා. ක්‍රීඩාවේ ජීවගුණය සහ විනය සමාජය තුළ යළි ස්ථාපිත කරමින්, ඉදිරියේදී මීටත් වඩා ඉහළ පහසුකම් යටතේ මෙවැනි තරගාවලි සංවිධානය කිරීමට අප කටයුතු කරනවා.” යනුවෙනි.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා සඳහන් කළේ, තරුණ පරපුරට රට තුළ යහපත් අනාගතයක් නිර්මාණය කර දීම රජයේ ප්‍රමුඛ අරමුණක් බවත්, හුදු වෘත්තීය පුහුණුවට එහා ගිය මානුෂීය ගුණධර්ම සහ සහකම්පනය සහිත තරුණ පරපුරක් නිර්මාණය කිරීමේ වගකීම පවතින බවත් ය.

ගතවූ කාලය තුළ තරුණ විරැකියාව සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු කිරීමට හැකි වී ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, සංචාරක සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර හරහා මෙන්ම පෞද්ගලික ආයතන හා එක්ව නව රැකියා අවස්ථා නිර්මාණය කර දීමට කටයුතු කරමින් සිටින බව පැවසීය.

තරුණ නායකත්ව සංවර්ධනය උදෙසා විධිමත් පුහුණු වැඩසටහන් හඳුන්වා දීමටත්, ක්‍රීඩාව සහ කලාව තුළින් මනස නිදහස් කර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවන නව පරපුරක් බිහි කිරීමටත් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මීට අමතරව තරුණ නිර්මාණකරුවන් උදෙසා ක්‍රියාත්මක “සිහිනයට පියාපත්” වැඩසටහන සහ දත්ත මත පදනම් වූ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ජාතික තරුණ පර්යේෂණ සමුළුව පිළිබඳව ද ඒ මහතා මෙහිදී අදහස් දැක්වීය.

අද වන විට සෑම පළාතකටම ජයග්‍රහණ හිමිවී ඇති බවත්, ග්‍රාමීය තරුණ තරුණියන් ජාත්‍යන්තර තලයට යොමුවෙමින් සිටින බවත් පවසමින් නියෝජ්‍ය අමාත්‍යවරයා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය සුබපැතුම් එක් කළේය.

මෙවර ක්‍රීඩා උළෙලේදී දුනු විදීම, වායු රයිෆල්, නෙට්බෝල්, කබඩි සහ වොලිබෝල් යන ඉසව් රැසක් පැවැත්වුණු අතර, එම තරගවල ජයග්‍රාහකයින් සඳහා කුසලාන සහ සහතිකපත් පිරිනැමීම මෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් කැපවූ පුහුණු උපදේශකවරුන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි.

තරගාවලියේ සුවිශේෂී ජයග්‍රහණ රැසක් වාර්තා වූ අතර, සමස්ත පළාත් අනුශූරතාවය උතුරු පළාත විසින් හිමි කරගන්නා ලද අතර සමස්ත පළාත් ශූරතාවය වයඹ පළාත විසින් හිමි කරගන්නා ලදී. පිරිමි වොලිබෝල් ශූරතාවය වයඹ පළාත විසින් ජයග්‍රහණය කළ අතර අනුශූරතාවය උතුරු පළාත විසින් දිනාගන්නා ලදී.

කාන්තා වොලිබෝල් තරගයේදී සබරගමුව පළාත ශූරතාවය දිනාගත් අතර මධ්‍යම පළාතට එහි අනුශූරතාවය හිමි විය. එසේම, නෙට්බෝල් ශූරතාවය ඌව පළාත විසින් හිමිකර ගත් අතර එහි අනුශූරතාවය වයඹ පළාතට හිමි විය.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

5 hours ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

5 hours ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

4 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

4 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

6 days ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

7 days ago