Categories: දේශීය

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ ශ්‍රී ලාංකික තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇය සමඟ සිටි තවත් තරුණියක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

පොලිසිය පවසන්නේ, මියගිය තරුණිය වන යාන්සි (Yansi) සහ ඇයගේ 17 හැවිරිදි මිතුරිය පසුගිය මැයි 30 වැනිදා රාත්‍රියේ කොයම්බේඩු ප්‍රදේශයේ පෞද්ගලික සමාජ ශාලාවකට ගොස් සිට ඇති බවත්,එහිදී ඔවුන් තම මිතුරන් සමඟ නර්තනයේ යෙදී සිටියදී තවත් තරුණ පිරිසක් සමඟ වාදයක් ඇතිවී ඇති අතර එය ඉක්මනින් ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.

සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කර දෙපාර්ශ්වයම එම ස්ථානයෙන් පිටත් කර යවා ඇත. කෙසේ වෙතත්, සමාජ ශාලාවෙන් පිටත වෙළඳසැලක් අසලදීද දෙපාර්ශ්වය අතර තවත් බහින්බස් වීමක් හටගෙන ඇති අතර එහිදීද ආරක්ෂක නිලධාරීන් මැදිහත් වී ඔවුන් විසුරුවා හැර තිබේ.

ඉන් අනතුරුව යාන්සි සහ ඇයගේ මිතුරිය යතුරුපැදියකින් තිරුමංගලම් දෙසට ගමන් කරමින් සිටියදී, මිතුරිය විසින් තරුණයින්ගේ මෝටර් රථය දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම ක්‍රියාවෙන් කෝපයට පත් වූ මෝටර් රථයේ සිටි තරුණයින් වේගයෙන් රථය ධාවනය කර යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් යාන්සි එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඇයගේ මිතුරිය බරපතළ තුවාල ලබා චෙන්නායිහි කිල්පෝක් රජයේ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර ඇති බව හින්දුස්ථාන ටයිම් පුවත් අඩවිය සදහන් කරනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලෙස 21 හැවිරිදි බලගුරු, 19 හැවිරිදි ජෝෂුවා සහ 19 හැවිරිදි කිෂෝර්කුමාර් හඳුනාගෙන ඇත.

අදාළ අපරාධයට යොදාගත් මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇති අතර පලාගොස් සිටින අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Recent Posts

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

1 hour ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

1 hour ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

2 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

2 days ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

2 days ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

3 days ago