Sunday, April 19, 2026
Homeදේශීයවාර්ෂාවෙන් බාධා වූ උඩරට දුම්රිය මාර්ගය

වාර්ෂාවෙන් බාධා වූ උඩරට දුම්රිය මාර්ගය

වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ අතර දුම්රිය මාර්ගයේ නානුඔය ග්‍රේට්වෙස්ටර්න් අතර දුම්රිය මාර්ගයට කඩා වැටි තිබූ විශාල ගල්පර්වතය පැය හයක පමණ වෙහෙසකර තත්ත්වයකින් පසු දුම්රිය මාර්ග අංශයේ සේවකයන් විසින් ඊයේ (2) පස්වරුවේ ඉවත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 

ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ඉකුත් ( 1)  වනදා මෙසේ ග්‍රේට්වෙස්ටර්න් කදු මුදුනේ පිහිටි විශාල ගල්පර්වතයක් දුම්රිය මාර්ගයට කඩා වැටී බදුල්ල කොළඹ අතර දුම්රිය ධාවනය මුලුමනින්ම නතර වී තිබිණ .

 නානුඔය සහ පට්ටිපොළ දුම්රිය මාර්ග අංශයේ දුම්රිය සේවකයන් ඩක්කු.වල නැගී එම ස්ථානයට ලගා වී රේල් පීලි වලින් සාදා ගත් යකඩ ලිවර් යොදා ගනිමින් අතින් තල්ලුකරමින් අධික වර්ෂාවත් මීදුම ,ශීතල තද සුලං පවා නොතකමින් පැය හයක පමණ දුශ්කර කාලයක් වැයකර දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ විශාල ගල්පර්වතය ඉවත් කල බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු පැවසීය .

 මීට අමතරව නානුඔය ග්‍රේට්වෙස්ටර්න් සහ කොටගල නානුඔය අතර දී දුම්රිය මාර්ගයේ තැනින් තැනට පස්කදු ගල්පර්වත කඩා වැටී දුම්රිය ධාවනයට බාධා සිදුව තිබූ බවත් ,එම වැටී තිබූ පස්කදු ගල්පර්වත ඊයේ (2) වනවිටත් ඉවත් කල බවද දුම්රිය බළධාරීන් පැවසූහ . 

දැනට උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය වටවල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට කඩා වැටී තිබෙන ගල්පර්වත පස්කදු මේවනවිටත් දුම්රිය මාර්ග අංශයේ සේවකයන් විසින් ඉවත් කිරිමේ කටයුතු සිදු කරගෙන යන බවද උසස් නිලධාරීයකු සදහන් කළේය .

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

READ:   නව අගමැති දිනේෂ් ගුණවර්ධන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්