Saturday, April 18, 2026
Homeදේශීයතඩි අලියා චූටි මීමැස්සට බයයිලු

තඩි අලියා චූටි මීමැස්සට බයයිලු

🐘🐝 අලි මිනිස් ගැටුම බේරන්න මීමැස්සෝ මැදිහත් වෙති.!!! 🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝 තඩි අලියා චූටි මීමැස්සට බයයිලු. මී මැස්සන්ගෙ සද්දෙ ඇහුනම අලි දුවනවලු. වැටක් වගේ ඈතින් ඈතින් මීමැසි ජනපද තියල ඒව ලනුවකින් සම්බන්ධ කරල තියෙන්නෙ. අලි ඇවිල්ල ලනුව හෙල්ලුනාම මී මැස්සො එලියට එනව. අලි පස්ස නොබල දුවනව. අලින්ට දේවල් හොඳට මතක තියෙන හන්ද ආයෙ මේ පැත්තට එන්නෙත් නෑලු.

අක්කර දෙකක් වටකරන්න ජනපද 15යි ඕනෙ. මේ මී මැස්සො හින්ද පරාගණේ වැඩිවෙලා වගා 30%කින් විතර වැඩි වෙනව. ඒ මදිවට අමතර ආදායමක් විදියට මීපැණිත් ලැබෙනව. මේ වැඩේ සාර්ථකත්වෙ බලන්න කරපු වස්ගමුව, වෙහෙරගල elephants and bees ව්‍යාපෘතියෙ research assistant තමයි මේ සුපුන් හේරත්.

කන්න නැතුව ගම් වදින අලින්ට මිනිස්සු වෙඩි තියනව. ගින්දර බෝම්බ,හක්ක පටස්, වස තියනවා. අලි හින්ද මිනිස්සුන්ගෙ වගා, ගෙවල්, ජීවිත හානි වෙනව. අලි මිනිස්සුත් දෙගොල්ලම බේරගන්න අප්‍රිකාවෙ සාර්ථක වෙච්චි මේ වැඩේ ලංකාවෙත් සාර්ථක වෙලා ප්‍රචලිත වුනොත් නියමයි නේද?

මේකට සම්බන්ධ වුනු Dr lucy king, Kylie Butler, Chandima Fernando, Ravi Corea, Chinthaka Weerasinghe, Zaineb Akbarally, Jessica Van Fleteren, Rebecca Sargent, Robin Cook, as well as to everyone from SLWCS, Sarath Kumara, Dananja Kumara, Indika Sampath ට ස්තූතිය හිමිවෙනව.

උපුටා ගැනීමකි.

READ:   බෝගම්බර බන්ධානාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ රැඳවියන් වෙනත් බන්ධනාගාර දෙකකට මාරුකරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්