NEW

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ කොළඹ කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ මඟින් වරෙන්තු නිකුත් කර තිබේ.

මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේ­ශයේ ඉඩ­මක් මිල දී ගැනීම සඳහා නීති­වි­රෝධි ලෙස උපයා ගත් මුදල් භාවිත කළා යැයි ඔහුට මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පැවැති නඩු­ව­කට පසු­ගිය මැයි මස 22 වැනිදා වරෙන්තු නිකුත් කෙරිණි.

පසු­ගිය 29 වැනිදා 2014 වසරේ සංචා­රක ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ මිලි­යන 7.8 ක මුද­ලක් භාවිත කර­මින් 2015 පැවති ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට අදා­ළව ටී ෂර්ට් මුද්‍ර­ණය කළ බවට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පැවරූ නඩු­වක් සඳහා ද වරෙ­න්තු­වක් නිකුත් කෙරිණි.

මෙම නඩු දෙකම කැඳවූ අව­ස්ථා­වේදී අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටීම හේතු­වෙන් මාතර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් චතු­රංග එරංග දිසා­නා­යක මහතා සහ කොටුව මහේ­ස්ත්‍රාත් පසන් අම­ර­සේන යන මහ­ත්ව­රුන් විසින් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබුණි.

මාතර එළි­ය­කන්ද පාර, බ්‍රවු­න්ස්හිල් ලිපි­නයේ පිහිටි අක්කර එක­හ­මා­රක ඉඩ­මක් මිල දී ගැනීම සම්බ­න්ධ­යෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහ­තාට එරෙ­හිව පොලිස් මූල්‍ය අප­රාධ කොට්ඨා­සය විසින් මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පවරා නඩුව කැඳවූ අව­ස්ථා­වේදී නීතිඥ අනිල් ද සිල්වා මහතා බැසිල් රාජ­පක්ෂ නමැති සැක­කරු අස­නීප තත්ත්ව­යෙන් විදෙ­ස්ග­තව ප්‍රති­කාර ලබන බැවින් ඔහු අධි­ක­ර­ණය හමුවේ පෙනී නොසි­ටින බව වෛද්‍ය වාර්තා ඉදි­රි­පත් කර­මින් දන්වා ඇත.

සිය සේවා­දා­ය­කයා ටික­ට්පත් වෙන් කර තිබු­ණත් ගුවන් සමා­ග­ම්ව­ලින් ඔහුගේ වග­කීම භාර ගැනී­මට අකැ­මැති බව කියා සිටි ජනා­ධි­පති නීති­ඥ­ව­රයා ඊට හේතුව වන්නේ සිය සේවා­දා­ය­කයා තනි­වම ගුවන් ගම­නක යෙදී­මට තරම් සෞඛ්‍ය තත්ත්ව­යක නොසි­ටින බැවින් හා ගුව­න්යා­න­යේදී තත්ත්වය බර­ප­තළ වෙතැයි ගුවන් සමා­ගම් අනු­මාන කරන බැවින් යැයි ද කියා සිටි­යේය.

එම හේතු­වෙන් එම ගුවන් සමා­ගම් සිය­සේ­වා­දා­ය­කයා රැගෙන යෑම ප්‍රති­ක්ෂේප කරන බව ද ජනා­ධි­පති නීති­ඥ­ව­රයා සඳ­හන් කළේය.

දිගින් දිග­ටම බැසිල් රාජ­පක්ෂ අධි­ක­ර­ණය මඟ හරි­මින් සිටින බැවින් ඉදි­රි­පත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් චතු­රංග දිසා­නා­යක මහතා බැසිල් රාජ­ප­ක්ෂට එරෙ­හිව වරෙන්තු නිකුත් කිරී­මට නියෝ­ග­යක් නිකුත් කළේය.

අයථා ලෙස උපයා ගත් මුදල් භාවිත කර­මින් මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේ­ශයේ ඉඩ­මක් මිල දී ගැනීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ, හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ බිරි­යගේ සහෝ­ද­රිය වන අයෝමා ගල­ප්පත්ති, ඇයගේ ස්වාමියා තිස්ස ගල­ප්පත්ති මුදිත ජය­කොඩි යන අයට එරෙ­හිව මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩුව ගොනු කර තිබේ.

2014 වසරේ සංචා­රක ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ මිලි­යන 7.8 ක මුද­ලක් භාවිත කර ඌව පළාත් සභා මැති­ව­ර­ණ­යට ප්‍රචා­රණ කට­යුතු කිරී­මට අදා­ළව එව­කට හිටපු ඇමැති බැසිල් රාජ­පක්ෂ, එහි සභා­පති භාෂ්වර ගුණ­රත්න, කළ­ම­නා­කාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර්, ඇතුළු පිරි­ස­කට එරෙ­හිව කොටුව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු පවරා ඇත.

නඩුව නැවත ලබන ජූලි 21 කැඳ­වී­මට නිය­මි­තය.

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

13 hours ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

13 hours ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

13 hours ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

4 days ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

7 days ago

BREAKING විමල් වීරවංශ අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බත්තරමුල්ල රණවිරු…

1 week ago