ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජය විසින් දැඩි රීති මාලාවක් හඳුන්වා දී ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
මින් ඉදිරියට ගල්අඟුරු ආනයනයේදී සිදුවන වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව ටෙන්ඩර් පත්‍රිකාවට විශේෂ පිරිවිතරයන් රැසක් ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
පටවන වරායේදීම තත්ත්ව පරීක්ෂාව නොරොච්චෝළ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අවශ්‍යතාව වෙනුවෙන් මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ ගල්අඟුරු නැව් තොග 25ක් මිල දී ගැනීම සඳහා දැනටමත් නව ටෙන්ඩර් කැඳවා ඇත.
මෙතෙක් පැවති ක්‍රමවේදය යටතේ ගල්අඟුරු සැපයුම්කරු විසින් ලබාදෙන වාර්තා මත පමණක් විශ්වාසය තැබීමට සිදුවූ අතර, නව ක්‍රමවේදය යටතේ ගල්අඟුරු පටවන වරායේදීම (load-port) එහි තත්ත්වය, ගුණාත්මකභාවය සහ පැටවීමේ ක්‍රියාවලිය සනාථ කරන වාර්තාව ඍජුවම ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට කටයුතු සම්පාදනය කර තිබේ.
සැපයුම්කරුවන් සඳහා දැඩි සුදුසුකම් නව ටෙන්ඩර් කොන්දේසි අනුව, සැපයුම්කරුවකු ලෙස සුදුසුකම් ලැබීමට නම් වෙනත් රටවලට අවම වශයෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2ක්වත් සැපයූ ඉතිහාසයක් තිබිය යුතුය.
මීට පෙර මෙම සීමාව මෙට්‍රික් ටොන් මිලියන 1ක් ලෙස පැවැති අතර, අත්දැකීම් බහුල විශ්වාසදායක සැපයුම්කරුවන් පමණක් තෝරාගැනීම මෙහි අරමුණයි.
එසේම, ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් පමණක් තෝරාගැනීම වෙනුවට විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීම හරහා වැඩි තරගකාරිත්වයක් ඇති කරමින් රටට වඩාත්ම වාසිදායක මිල ගණන් ලබාගැනීමට රජය අපේක්ෂා කරයි.
මෙම නව පිරිවිතරයන් සහ දැඩි නීති-රීති හරහා ඉදිරියේදී ගල්අඟුරු ආනයනය වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ ගුණාත්මකව සිදුකිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
කොළඹ – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) 2026 ජූලි 7 දින වැලිකඩ බන්ධනාගාරයට…
සමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලිකකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු නොකරන බවත්, රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් එය වඩාත්…
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන…
file සිනමා නිර්මාණ නිෂ්පාදකවරුන්ගේ අවසරයකින් තොරව අනවසරයෙන් අන්තර්ජාලයට හා සමාජ මාධ්‍ය වෙත මුදාහරින පුද්ගලයන්ට පනවන…
BYD Australia Expands Remedy After Customers Receive Vehicles With Incorrect Build-Year Information BYD Australia has…
චීන මෝටර් රථ නිෂ්පාදක BYD සමාගමේ ඔස්ට්‍රේලියානු අංශය, පාරිභෝගිකයන් 1,265 දෙනෙකුට අලෙවි කළ වාහනවල නිෂ්පාදන…