Tuesday, June 2, 2026
Homeදේශීයගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා රජය විසින් දැඩි රීති මාලා­වක් හඳුන්වා දී ඇති බව බල­ශක්ති අමාත්‍ය අනුර කරු­ණා­ති­ලක මහතා පව­සයි.

මින් ඉදි­රි­යට ගල්අ­ඟුරු ආන­ය­න­යේදී සිදු­වන වංචා සහ අක්‍ර­මි­කතා වැළැ­ක්වීම සඳහා නව ටෙන්ඩර් පත්‍රි­කා­වට විශේෂ පිරි­වි­ත­ර­යන් රැසක් ඇතු­ළත් කර ඇති බව අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය.

පට­වන වරා­යේ­දීම තත්ත්ව පරී­ක්ෂාව නොරො­ච්චෝළ ලක්වි­ජය ගල්අ­ඟුරු බලා­ගා­රයේ අව­ශ්‍ය­තාව වෙනු­වෙන් මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ ගල්අ­ඟුරු නැව් තොග 25ක් මිල දී ගැනීම සඳහා දැන­ට­මත් නව ටෙන්ඩර් කැඳවා ඇත.

මෙතෙක් පැවති ක්‍රම­වේ­දය යටතේ ගල්අ­ඟුරු සැප­යු­ම්කරු විසින් ලබා­දෙන වාර්තා මත පම­ණක් විශ්වා­සය තැබී­මට සිදුවූ අතර, නව ක්‍රම­වේ­දය යටතේ ගල්අ­ඟුරු පට­වන වරා­යේ­දීම (load-port) එහි තත්ත්වය, ගුණා­ත්ම­ක­භා­වය සහ පැට­වීමේ ක්‍රියා­ව­ලිය සනාථ කරන වාර්තාව ඍජු­වම ශ්‍රී ලංකාව විසින් ලබා­ගැ­නී­මට කට­යුතු සම්පා­ද­නය කර තිබේ.

සැප­යු­ම්ක­රු­වන් සඳහා දැඩි සුදු­සු­කම් නව ටෙන්ඩර් කොන්දේසි අනුව, සැප­යු­ම්ක­රු­වකු ලෙස සුදු­සු­කම් ලැබී­මට නම් වෙනත් රට­ව­ලට අවම වශ­යෙන් ගල්අ­ඟුරු මෙට්‍රික් ටොන් මිලි­යන 2ක්වත් සැපයූ ඉති­හා­ස­යක් තිබිය යුතුය.

මීට පෙර මෙම සීමාව මෙට්‍රික් ටොන් මිලි­යන 1ක් ලෙස පැවැති අතර, අත්දැ­කීම් බහුල විශ්වා­ස­දා­යක සැප­යු­ම්ක­රු­වන් පම­ණක් තෝරා­ගැ­නීම මෙහි අර­මු­ණයි.

එසේම, ලියා­ප­දිංචි සැප­යු­ම්ක­රු­ව­න්ගෙන් පම­ණක් තෝරා­ගැ­නීම වෙනු­වට විවෘත ටෙන්ඩර් පටි­පා­ටි­යක් අනු­ග­ම­නය කිරීම හරහා වැඩි තර­ග­කා­රි­ත්ව­යක් ඇති කර­මින් රටට වඩාත්ම වාසි­දා­යක මිල ගණන් ලබා­ගැ­නී­මට රජය අපේක්ෂා කරයි.

මෙම නව පිරි­වි­ත­ර­යන් සහ දැඩි නීති-රීති හරහා ඉදි­රි­යේදී ගල්අ­ඟුරු ආන­ය­නය වඩාත් විනි­වි­ද­භා­ව­ය­කින් යුතුව සහ ගුණා­ත්ම­කව සිදු­කි­රී­මට හැකි­වනු ඇති බව බල­ශක්ති අමා­ත්‍යාං­ශය විශ්වා­සය පළ කරයි.

දිනමිණ

READ:   ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම් හා පුපුරායාම් පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්