Tuesday, September 8, 2026
Homeදේශීයවැටිච්ච ආර්ථිකය ගොඩගන්න විදිහ අනුර කුමාර කොරියාවෙදි කියයි (VIDEO)

වැටිච්ච ආර්ථිකය ගොඩගන්න විදිහ අනුර කුමාර කොරියාවෙදි කියයි (VIDEO)

රටේ ප්‍රධාන ජීවනාලිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන් නඟා සිටුවීම සහ දියුණු ලෝකයේ භාණ්ඩ හා ශ්‍රම වෙළඳපොල තුළ කොටසක් අත්පත් කර ගැනීම තුළින් රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැංවිය හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ පසුගිය දා කොරියානු සංචාරය අතරතුර සාකච්ඡාවකට එක්වෙමිනි.

හැකියාව තිබුණ ද අපේක්ෂා කරන රැකියාවක්, ආදායමක් නොලැබීම නිසා සමහර තරුණ තරුණියන් රට අත්හැර කොරියාව වැනි රටවල රැකියාවන් සඳහා යන බව ඔහු පවසනවා.

යම් කිසි ආර්ථික ස්ථාවරයක් සහිත වෛද්‍යවරුන් පවා තමන්ගේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත නොවීම හේතුවෙන් මෙරට හැර යන බවයි ඒ මහතා ප්‍රකාශ කළේ.

ජාතික ජන බලවේගයට ජනවරමක් ලැබුනොත් එවැනි තරුණ තරුණියන්ගේ අපේක්ෂා ඉටු කර ගත හැකි ආර්ථිකයක් නිර්මාණය කරීමේ වගකීම සහ විශ්වාසය තම ආණ්ඩුවට පැවරෙන බව ඔහු පැවසුවා.

මෙරට ආර්ථිකයේ ජීවනාලිය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් නගා සිටුවීම සඳහා ඔවුන්ට අවශ්‍ය ප්‍රාග්ධනය, දැනුම සහ වෙළඳපොල රට තුළ නිර්මාණය කර දීම වැදගත් බව අනුර කුමාර මහතා පවසනවා.

දියුණු ලෝකයේ පවතින භාණ්ඩ සහ ශ්‍රම වෙළඳපොල තුළ කොටසක් මෙරටට අත්පත්කරගැනීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් ඉවසීමෙන් සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

එහෙත් දැනට ශ්‍රී ලංකාව දියුණු ලෝකයේ භාණ්ඩ හෝ ශ්‍රම වෙළඳපොළ තුළ කොටසක් අත්පත්කරගෙන නැති රටක් බව ඔහු ප්‍රකාශ කළා.

දැනුම, අත්දැකීම් සහ අධ්‍යාපනයට මූලිකත්වය දෙමින් මෙරට ශ්‍රමිකයින් ඉදිකිරීම්, කර්මාන්ත,නිශ්පාදන ,ධීවර ඇතුළු ක්ෂේත්‍රයන් පිළිබඳව විදෙස් රටවලදී ලබා ගන්නා අත්දැකීම් නැවත මෙරට ආර්ථික ක්ෂේත්‍ර දියුණු කිරිමට යොදා ගත හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

සම්පූර්ණ විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   ආණ්ඩුවට මේ ඡන්දය නවත්වන්න පුළුවන්ද? - හිටපු මැතිවරණ කොමසාරිස්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්