ශ්‍රී ලංකාවෙන් රිලවුන් ලක්ෂයක් ගෙන්වීම සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදු කරමින් ට්විටර් සටහනක් තබා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රිලවුන් ලක්ෂයක් ගෙන්වීම පිළිබඳව කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් ලැබී නොමැති බව එම ට්විටර් සටහනේ දැක්වෙනවා.
එවැනි ඉල්ලීමක් පිළිබඳව තම ආයතනය කිසිදු ආකාරයකින් දැනුවත් නොමැති බව චීන ජාතික වන විද්‍යා හා තණ බිම් පරිපාලනය දැනුම් දී ඇතැයි, තානාපති කාර්යාලය සඳහන් කරනවා.
චීනයේ වන සතුන් හා ශාක ආනයන අපනයන කටයුතු අධීක්ෂණය කරන රජයේ ප්‍රධාන දෙපාර්තුමේන්තුව වන්නේ, චීන ජාතික වන විද්‍යා හා තණ බිම් පරිපාලනයයි.
වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ පාර්ශවයක් ලෙස චීනය මේ වන විට සංශෝධන කිහිපයක් ද සමගින් වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කළ රටක් බව ද තානාපති කාර්යාලය එම ට්විටර් සටහන මගින් අවධාරණය කරයි.
චීන රජය සෑම විටම වන ජීවී ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රියව ඉටු කරන බව ද එම ට්විටර් සටහනේ දැක්වෙයි.
විස්තර සහිත විඩියෝව පහතින්,


