දේශීය

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

“සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි”

– අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කර සිටියාය.

file

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයින් පසුගියදා(26) ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී රැස් වූ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා ය.

ජාතික සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ උපායමාර්ගික වැදගත්කම හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ පුළුල් ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම මෙම කමිටුව මගින් සිදු කිරීමට අපේක්ෂිතය.

file

එහි දී ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය තුළ, සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම, වත්මන් ගැටලු සඳහා කෙටිකාලීන හා තිරසාර විසඳුම් යෝජනා ඉදිරිපත් කිරීම පිළිබඳ මූලික වශයෙන් සාකච්ඡා සිදු විය.

එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනය ඉතාම සංවේදී ක්ෂේත්‍රයක් වන බැවින්, මෙම කමිටුව මගින් ලබාදෙන නිර්දේශ ශ්‍රී ලංකාවේ අනාගතයට සහ ජනතාවගේ සුබසිද්ධියට සෘජුවම බලපාන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියාය.

file

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය නගාසිටුවීමට අදාළ විෂයමාලා ප්‍රතිසංස්කරණ, ඇගයීම් ක්‍රියාවලිය, සායනික පුහුණුව, වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය, වෛද්‍ය පීඨයන්හි අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ යටිතල පහසුකම්වල අවශ්‍යතාව වැනි සාධක සංවර්ධනයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනයට මෙම කමිටුව මගින් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරිය පවසා සිටියා ය.

file

වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති විවිධ පාඨමාලා සම්බන්ධව වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට තෝරාගන්නා සිසුන්ට පූර්ව දැනුම්වත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම කෙරෙහි ද මෙහි දී අවධානය යොමු විය.

එසේම නව ලෝකයට ගැළපෙන මනා හික්මීමකින් හා සංයමයකින් යුත් වෛද්‍යවරයා බිහිකිරීමට අවශ්‍ය වන සාමාන්‍ය අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ද මෙම කමිටුව හරහා සිදු කළ යුතු බව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර සිටියා ය.

file

මේ සඳහා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, විශේෂඥ කමිටුවේ සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක ඇතුළු කමිටු සමාජික මහත්ම මහත්මීහූ සහභාගි වූහ.

file
file

Recent Posts

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

2 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

2 days ago

2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…

2 days ago

හිටපු ඇමති රවී කරුණානායක අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…

3 days ago

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට බදු නඩුවෙන් ජය

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…

3 days ago

වත්මන් රජය 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය සමූළ ඝාතනය කරනවා – විපක්ෂ නායක

රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…

3 days ago