Friday, October 23, 2026
Homeදේශීයජනාධිපතිවරයා සිදු කරන මූලාසන කතාවට කල් තැබීමේ විවාදයක් ඉල්ලයි

ජනාධිපතිවරයා සිදු කරන මූලාසන කතාවට කල් තැබීමේ විවාදයක් ඉල්ලයි

එළඹෙන 18 වනදා නව සභාවාරය ආරම්භ කිරීමෙන් පසු ජනාධිපතිවරයා සිදු කරන මූලාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් පවත් වන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා සිටිනවා. එසේ ම එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ද මූලාසන කතාව සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා සිටිනවා . ඒ සම්බන්ධයෙන් ලිපි දෙකක් කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ සභානායක දිනේශ් ගුණවර්ධන වෙත රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා විසින් යොමුකොට තිබෙනවා .
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (අ) වගන්තිය යටතේ එම කල්තැබීමේ විවාදය ලබාදීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා සුදුසු දිනයක් ලෙස ජනවාරි 19, 20, හෝ 21 යන දිනයන් නම් කරන ලෙසත් වික්‍රමසිංහ මහතා සිය ලිපි මගින් සඳහන් කර තිබෙනවා

READ:   ඉතාලිය තුන්වැනි වරටත් ලොක්ඩවුන් කරයි Italy Heading for a Third Lockdown
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්