වැලි, කළුගල්, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම සඳහා මාර්ගගත ක්‍රමයක් (ONLINE) මාස තුනක් තුළ සකස් නොකළහොත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ (GSMB) අධ්‍යක්ෂ මණ්ඩලය අනිවාර්යයෙන් විසුරුවා හරින බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා දැනුම් දී ඇත.
වැලි, කළුගල්, හා පස් කැනීම් සහ ප්‍රවාහණ බලපත් නිකුත් කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් දැනට අනුගමනය කරන ක්‍රමවේදය අනුව මහජනතාවට ඒ සඳහාප්‍රධාන කාර්යාලයට මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවලට ද පැමිණීමට සිදුවී තිබෙන අතර මේ නිසා විශාල තදබදයක් එම කාර්යාවල දිනපතා පවති.
ජනතාවට නිකරුණේ රස්තියාදුවීමට සිදු වීම මෙන්ම බලපත් ලබා දීමේ දී ප්‍රමාදයක් හා දූෂණ හා අක්‍රමිකතා ද සිදුවන බව අනාවරණය වී ඇත.
මේ නිසා පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා අවස්ථා කිහිපයක දී ඊට විකල්පයක් ලෙස මාර්ගගත ONLINE ක්‍රමයක් සකස් කරන ලෙස GSMB ආයතනයට දැනුම් දුන්න ද මේ වනතෙක් එම කටයුතු සිදු කර නැතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇමැතිවරයා විසින් අද දින (06) කැඳ වූ අවස්ථාවේදී අනාවරණය විය.
දිනමිණ වාර්තාවකි


