Sunday, June 14, 2026
Homeදේශීයසනත් නිශාන්තගේ සහෝදරයාට වසර 5 හමාරක සිරදඬුවමක්

සනත් නිශාන්තගේ සහෝදරයාට වසර 5 හමාරක සිරදඬුවමක්

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සනත් නිශාන්තට සහ ඔහුගේ සොහොයුරාට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ අරච්චිකට්ටුව ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට වසර 5 හමාරක සිර දඬුවමක් හලාවත මහාධිකරණය විසින් අද (15) නියම කර ඇත.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ, සාක්ෂි සහ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

තවද, පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත් එම ලක්ෂ 10 නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිරදඬුවමක්ද හලාවත මහාධිකරණය විසින් නියම කර ඇත.

සනත් නිශාන්ත 2024 ජනවාරි 25වැනිදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මියයාම හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ඔහුගේ සොහොයුරා පමණි.

උපුටා ගැනීම දිණමින

READ:   BREAKING NEWS: කොස්ගොඩ වෙඩි තැබීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්