Friday, October 9, 2026
HomeදේශීයBREAKING ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ තිබී...

BREAKING ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ තිබී සොයා ගැනේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ තිබී සොයා ගත් බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ.වුට්ලර් මහතා පැවසුවේ කොල්ලුපිටිය පේද්‍රිස් පෙදෙසේ අංක 38 දරන නිවසේදී ගෙල වැළලාගෙන සිටියදී ඔහුගේ සිරුර හමුවූ බවයි.

ඔහු ප්‍රශ්න ගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නවඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියදී යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ අධිකරණය නියෝග කර තිබුණා.

READ:   සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්