දේශීය

වනස්පති ජාතික වැඩසටහන යටතේ තවත් වනාන්තර 50ක් රක්ෂිත ලෙස ආරක්ෂා කෙරේ – රක්ෂිත කෙරුණු මුලු වනාන්තර ගණන 79ක්

ලෝක වනාන්තර දිනයට සමගාමීව වනාන්තර 50ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අත්සන් තැබීම ඊයේ (23) පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඒ් අනුව අම්පාර, බදුල්ල, නුවරඑළිය සහ මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම රක්ෂිත නම් කෙරිණි.

මෙහිදී වනාන්තර හෙක්ටයාර 12,989.73 රක්ෂිත බවට පත් වූ අතර අම්පාර දිස්ත්‍රික්කයේ වනාන්තර හෙක්ටයාර 6255.77ක්, මාතර දිස්ත්‍රික්කයේ වනාන්තර හෙක්ටයාර 275.811, බදුල්ල දිස්ත්‍රික්කයේ වනාන්තර හෙක්ටයාර 683.74 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වනාන්තර හෙක්ටයාර 2778.345 සහ නුවරඑළිය/බදුල්ල දිස්ත්‍රික්කවල වනාන්තර හෙක්ටයාර 2996.06 රක්ෂිත බවට පත් කෙරිණි.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් පැරිස් සම්මුතියට එකඟතාවය පළකර ඇති පරිදි 2030 වන විට 32 % දක්වා මෙරට වනාන්තර වැඩි කර ගැනීමට එකඟත්වයට නතු වෙමින් එම වනාන්තර ගැසට් කර ගැනීම සහ ආරක්ෂා කර ගැනීම සඳහා වනස්පති ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ.

2025 වසරේ ලංකාවේ දෙවැනියට විශාලතම වනාන්තරය වන නිල්ගල හා තවත් වනාන්තර 29ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කරන ලදී.

මෙම ජාතික වැඩසටහන තුළින් ඉදිරියේදී වනාන්තර සම්බන්ධව ශ්‍රී ලංකික ජනතාවගේ අදහස ධනාත්මක අදහසක් බවට පත් කිරීමත් එමෙන්ම භුමිය තුළ ඇති කදුකර වනාන්තර උප කදුකර වනාන්තර වියළි කලාපිය වනාන්තර, තෙත්කලාපීය වනාන්තර සහ අර්ධ ශුෂ්ක කලාපිය කටු පදුරු සහිත බිම්, කඩොලාන පරිසර පද්ධති ඇතුළු විවිධ වූ පරිසර පද්ධති ආරක්ෂා කිරීම සිදු කරනු ලබයි.‍ වනාන්තර පිළිබඳව ජනතාවට ඇති අදහස පෝෂණය කිරීමත් මතු පරපුර වෙනුවෙන් වනාන්තර ආරක්ෂා කර ගැනීමත් වනාන්තර මගින් පොළොවේ රඳන ජල තලය ආරක්ෂා කර ගැනීමත් එමගින් මෙරට ගොවියන් ඇතුළු මහජනතාව ආරක්ෂා කර ගැනීමත් අපේක්ෂා කෙරේ .

රක්ෂිත බවට පත්වූ වනාන්තර අතුරින් සියලුම වනාන්තර විද්‍යාත්මක වටිනාකමකින් යුක්ත වන අතර බොහෝ වනාන්තර වන අලින්ගේ වාසභූමි වේ. රාගම්වෙල රක්ෂිතයේ වන අලින්ගේ ගහනය වර්ෂා කාලයේදී ඉහළ යන අතර, ඔවුන්ගේ පාදයේ ඇති වන තුවාල වැනි තත්ව සඳහා ලවණ ආශ්‍රිත පරිසරයේ ගැවසෙන බවට ජනප්‍රවාදයක් පවතී. තව ද වන අලින් හොරොව්කන්ද රක්ෂිතය වැනි පරිසර පද්ධති තුළ සිය ගර්භනී සමය ගත කිරීමට ලැදියාවක් දක්වන බවටද ජනප්‍රවාදයක් පවතී. හොරොව්කන්ද රක්ෂිතයේ නැගෙනහිර දිසාවේ වෙරළ තීරය කැස්බෑවන් බිත්තර දැමීමට සුලබව භාවිතා කරනු නිරීක්ෂණය වී ඇත. ගැඩබෝයාය වනාන්තරය වර්ෂා කාලයේදී සක්‍රීය වන ජල පහරවල් විශාල ප්‍රමාණයක් පිහිටා තිබීම හේතුවෙන් ප්‍රදේශයේ භූගත ජල මට්ටම පවත්වා ගැනීමට ඉහළ දායකත්වයක් සපයන අතර දේශීය ශාක හා සත්ව විශේෂ ගණනාවක් සදහා වාසස්ථාන සපයනු ලබන අතර නානුඔය කොනිකල්හිල් රක්ෂිතය හා අඹේවෙල පට්ටිපොල රක්ෂිතයද කඳුකර වනාන්තර ලෙස රක්ෂිත බවට පත්විය.

වනස්පති ජාතික වැඩසටහන නව රජයේ වැඩපිළිවෙළක් ලෙස පරිසර අමාත්‍යවරුන්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ අතර පරිසර අමාත්‍යංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල මහතා, වන සංරක්ෂක ජෙනරාල් එස්. සී. පාලමකුඹුර මහතාගේ මූලික මැදිහත්වීමෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවනු ලබයි. ජගත් වනාන්තර දිනයට සමගාමීව පැවති වනාත්තර රක්ෂිත බවට පත් කිරීමේ වනස්පති වැඩසටහන සඳහා ආරාධිත දේශනය විවෘත විශ්වවිද්‍යාලයේ සත්ව අධ්‍යයන අංශයේ මහාචාර්ය සමින්ද ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලද අතර මීට සමගාමීව දිට්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත්වූවන් සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දිනක වැටුප රජය වෙත පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

වනස්පති ජාතික වැඩසටහන යටතේ මතු පරපුර වෙනුවෙන් ඉදිරියේ දී ද වනාන්තර රැසක් මෙලෙස රක්ෂිත කර ආරක්ෂා කිරීමට නියමිතය.

Recent Posts

BREAKING:ලොවක් අවදානයෙන් සිටි තීරණාත්මක පහරදීම ගැන ට්‍රම්ප්ගෙන් නොසිතූ නියෝගයක්:තෙල් මිලත් පහළට

මැදපෙරදිග සතුරුකම් සහමුලින්ම විසදාගන්න (Complete and total resolution) ඉරානය සමග කළ සාකච්ඡා ථලදායි බවත්, ඒ…

2 days ago

ඉඩමට පිටින් නීතියට උඩින් ඉදිකළ ගම්පහ තාප්පේ සය වසරකට පසු වැ⁣ඩේ වරද්දපු තැන් රත් කරයි!

2015 වසරේ ගම්පහ නාගරික ප්‍රදේශයට අයත් ඉඩමක් ආවරණය කරමින් අනීතිකව ඉදි කළ තාප්පයක් ඉදි කළ…

5 days ago

තිබහ නැතත් හැකිතාක් දියර වර්ග පානය කරන්න – දැඩි උණුසුමෙන් ඇති වෙන රෝග ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

මේ දිනවල පවතින දැඩි උෂ්ණාධික කාලගුණය සමග ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…

2 weeks ago

අගමැතිනිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය (IRRI) නිරීක්ෂණය කරයි

​ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11)…

2 weeks ago

ක්ෂුද්‍ර මූල්‍ය ණය බරින් පීඩාවට පත් ප්‍රජාවන්, කාන්තා වින්දිතයින් සහ ප්‍රජා ණය කණ්ඩායම් වෙත යුක්ති සාමූහිකයේ සහාය

මාර්තු 4 වන දින පාර්ලිමේන්තුවේදී ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වීම…

2 weeks ago

මහාචාර්ය තිස්ස විතාරන අභාවප්‍රාප්ත වෙයි

ලේඛකයෙකු, විචාරකයෙකු, ශාස්ත්‍රීය පර්යේෂකයෙකු මෙන්ම කෘතහස්ත ජ්‍යෙෂ්ඨ දේශපාලක්ඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වී තිබෙනවා…

1 month ago