දේශීය

අගමැතිනිය පිලිපීනයේ ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනය (IRRI) නිරීක්ෂණය කරයි

​ආසියානු සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (11) පිලිපීනයේ ලොස් බැනෝස් හි පිහිටි ජාත්‍යන්තර වී පර්යේෂණ ආයතනයේ (IRRI) ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණයක නිරත විය.

file

​එහිදී ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් යොන් පින්ටෝ (Yvonne Pinto) මහත්මිය හමු වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ වී වගාව සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තිරසාර සංවර්ධනය උදෙසා දෙපාර්ශවය අතර පවතින සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළාය.

file

​ශ්‍රී ලාංකීය වී ගොවීන් මුහුණ දෙන අභියෝග පිළිබඳව විශේෂ අවධානයක් මෙහිදී යොමු කළ අතර විශේෂයෙන්ම, වී නිෂ්පාදනයට බලපාන බාධාවන්, දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් සහ ගොවි ජනතාව නවීන තාක්ෂණික ක්‍රමවේද වෙත යොමු කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය විසින් පෙන්වා දුන්නාය.

​ශ්‍රී ලංකාවේ වී අස්වැන්න ඉහළ නැංවීමට සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණයන් සහ පර්යේෂණ දායකත්වය ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී කරුණු සාකච්ඡා විය. ඒ අනුව, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නව වී ප්‍රභේද හඳුන්වා දීම සහ තිරසාර ගොවිතැන් ක්‍රම ප්‍රවර්ධනය කිරීම සඳහා IRRI ආයතනය විසින් ක්‍රියාත්මක කරන ගෝලීය පර්යේෂණ අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීමට එකඟතාව පළ කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ආයතනවල ධාරිතාව වර්ධනය කිරීම, පර්යේෂණ හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි ද දෙපාර්ශවයේ අවධානය යොමු විය.

​විද්‍යාත්මක පදනමක් සහිත කෘෂිකාර්මික නවෝත්පාදනයන් මගින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාවගේ ජීවනෝපාය නංවාලීමටත්, ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමටත් මෙම අන්තර්ජාතික සහයෝගිතාව බෙහෙවින් ඉවහල් වනු ඇති බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළාය.

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

11 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago