ක්‍රීඩා

වසර ගණනාවක සැලසුමකට අනුව ඉතිහාසේ පළමුවරට එක්දින ලෝක ශූරියන් වුණ ඉන්දීය කෙල්ලන්

අවසානයේ ඉන්දීය කෙල්ලන් ඉතිහාසයේ පළමු වරට එක්දින ලෝක ශූරියන් බවට පත් වුණා. මෙය ඉන්දියාව අද ඊයේ එක්වරම නින්දෙන් නැගිට මෙන් සිදු කළ සැලසුමක ප්‍රතිඵලයක් නොව, වසර ගණනක් තිස්සේ සිදුකළ සැලසුමක ප්‍රතිඵලයක්. 1983 කපිල් දේව් ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ඉන්දියාවට 2011 දක්වා කිසිදු එක්දින ලෝක කුසලානයක් ජය ගැනීමට අවස්ථාව හිමි වූයේ නැහැ. 2003 වසරේදී අවසන් මහා තරගයට පැමිණි ඉන්දියාව⁣ට එදා ඕස්ට්‍රේලියාව ඉදිරියේ ලකුණු 125ක නින්දිත පරාජයක් හිමිවිය. එහිදී තරගාවලියේ වීරයා වූ සචින් තෙන්ඩුල්කාර් පැවසුවේ තමන්ට වැදගත් තරගාවලියේ වීරයා නොව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම බවයි. ඉන්පසු 2007 ලෝක කුසලානයේදී බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාවට පරාජය වී බර්මියුඩාවට එරෙහිව පමණක් ජයගත් ඉන්දීය කණ්ඩායම එදා ලෝක කුසලානයේ පළමු වටයෙන්ම ඉවතට විසි වී යන්නේ මුළු ලෝකයක් ඉදිරියේ විහිලුවකට ලක් වෙමින්. ඒ අනුව නින්දා, අපහාස මැද ඔවුන් විසින්ම ඔවුන්ගේ ක්‍රික⁣ට් ගොඩනැගීම ආරම්භ කරනු ලැබුවා.

එහි ප්‍රතිඵලයක් ලෙස හිතාගත නොහැකි මූල්‍යමය වාසියක් ලෝකයේ සිටින දක්ෂතාවලින් පරිපූර්ණ සියලු ක්‍රීඩකයින්ට පෙන්වනමින් මේ වනවිට ලෝකයේම නැතිවම බැරි 20යි 20 තරගාවලිය වන IPL තරගාවලිය 2008 වසරේ අප්‍රේල් 18 වැනිදා ආරම්භ කරනු ලැබුවා. ලෝකයේ සිටින අතිදක්ෂ බහුතරයක් ක්‍රීඩකයින් මෙම තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවට පැමිණියා. ඔවුන් සමග ඉන්දීය ⁣ජ්‍යෙෂ්ඨ සහ තරුණ ක්‍රීඩකයින් උරෙන් උර ගැටෙමින් ක්‍රීඩා කළා පමණක් නොව දැනුම ද ඔවුන් සමග බෙදා ගත්තා. එදා ශ්‍රී ලංකාවේ සිටි සනත්, මහේල, මුරලි, සංගක්කාර, මාලිංග වැනි විශිෂ්ට ක්‍රීඩකයින් IPL වටා එක්රොක් වුණා. ⁣ඉන්දියාව සිය ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔප්නැංවීමට සකස් කළ IPL තරගාවලිය වසරින් වසර අලුත් වෙද්දී අවසානයේ සෑම වසරකම IPL පැවැත්වෙන කාලසීමා⁣වේදී වෙනත් බොහෝ රටවල ජාත්‍යන්තර තරගාවලියන්හී කාලසටහනට පවා එය බලපෑම් එල්ල කරන ප්‍රබල තත්ත්වයකට පත් වුණා. එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට තිබූ ක්‍රිකට් හයිය නොදැනීම මූල්‍ය බලයත් සමග ඉන්දියාව වෙත හුවමාරු වුණා. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වටිනාකම වැඩි වුණා. එරට මාධ්‍ය තුළින් එය තව තවත් ඉහළට ඔසවා තබමින් ඔවුන් අතර තරගය වැඩි කළා. ඉන්දීය ක්‍රීඩකයින් රට ගැන දැඩි කැක්කුමකික් සහ ජයග්‍රහණයේ පිපාසයෙන් තරග කළා. ලැබුණු සෑම කුඩා අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජනය ගත්තා. අවසානයේ IPL පටන් ගෙන වසරක් 3ක් ගත වනවිට 2007 ලෝක කුසලානයේ මූලික වටයෙන් ඉවතට විසි වුණු ඉන්දියාව අවසන් මහා තරගයේදී පෙරළිකාර ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් 2011 එක්දින ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත් වෙනවා. ඒ වසර 28කට පසු එක්දින ලෝක කුසලානයක පහස සිය මව්බිමට උරුම කර දෙමින් වීම විශේෂත්වයක්.

ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ICC ලෝක කුසලාන රැසක විශිෂ්ට කණ්ඩායමක් බවට ඉන්දියාව පත් වුණා. 2011න් පසු ඉන්දීය ක්‍රිකට් වෙනස් වුණා. ක්‍රීඩකයින් හිතන පතන විදිය පවා වෙනස් වුණා. ඔවුන් ක්‍රිකට් ලොව පාලනාධිකාරිය බවට පත් වෙද්දී ක්‍රීඩකයිනුත් තමන්ගේ දක්ෂතාවය ඔප් නංවා ගැනීමට සමත් වුණා.

2007න් පසු පැවති එක්දින ලෝක කුසලානවල ඉන්දීය දක්ෂතා

2011 – Champions

2015 – Semi Final

2019 – Semi Final

2023 – Runner-up

2007න් පසු පැවති T20 ලෝක කුසලානවල ඉන්දීය දක්ෂතා

2009 – 2nd Round – Group Stage

2010 – 2nd Round – Group Stage

2012 – Group Stage

2014 – Runner-up

2016 – Semi Final

2021 – Group Stage

2022 – Semi Final

2024 – Champions

2007න් පසු පැවති ශූරයින්ගේ කුසලානයේ ඉන්දීය දක්ෂතා

2009 – Group Stage

2013 – Champions

2017 – Runner-up

2025 – Champions

2007 පසුව පැවති 19න් පහළ ලෝක කුසලාන 4ක ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත් වෙනවා.

2008 | 2012 | 2018 | 2022 Champions

2007 පසුව පැවති ආසියානු කුසලාන 5ක ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත් වෙනවා.

2010 | 2016 | 2018 | 2023 | 2025 – Champions

මේ අතර ඉන්දියාව පිරිමි ක්‍රිකට් කණ්ඩායමට මෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායමත් ඉහළ නැංවීම වෙනුවෙන් ඔවුන් මේ වනවිට Women’s Premire League තරගාවලියකුත් ආරම්භ කර තිබීම විශේෂත්වයක්.

2007න් පසු පැවති කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන වලදී 2017 වසරේදී අනුශූරියන් වූ ඉන්දියාව අවසානයේ 2025 වසරේදී ශූරියන් බවට පත්වීම දක්වා තමන්ගේ ක්‍රික⁣ට් දියුණු කර ගැනීමට සමත් වෙනවා.

මේ දක්වා 2023 සහ 2025 වසරේදී පමණක් පවත්වා ඇති 19න් පහළ කාන්තා ලෝක කුසලාන දෙකම ජය ගත්තේ ඉන්දියාවයි.

2007න් පසු පැවති ආසියානු කාන්තා කාන්තා ක්‍රිකට් තරගාවලි 4කදී ශූරියන් බවට ඉන්දියාව පත් වෙනවා.

2008 | 2012 | 2016 | 2022 – Champions

ඉන්දීය කාන්තා කණ්ඩායම තවමත් ශූරතාවයක් හිමි කරගෙන නැත්තේ T20 ලෝක කුසලානයක පමණයි. 2020 වසරේදී ඕස්ට්‍රේලියාව ඉදිරියේ පරාජය වූ ඉන්දියාවට එදා අනු ශූරතාවයෙන් සෑහීමකට පත්වීමට සිදුවුණා. T20 කාන්තා ලෝක කුසලානයකුත් ඉන්දියාව ජයග්‍රහණය කරන දවසනම් වැඩි ඈතක නොමැතිබවනම් නොඅනුමානයි.

මේ වසරේදී පැවති ප්‍රධාන ICC තරගාවලියන් වූ 19න් පහළ කාන්තා ලෝක කුසලානය, ශූරයින්ගේ කුසලානය සහ කාන්තා එක්දින ලෝක කුසලාන තුනේම ශූරතාවය දිනා ගත්තේ ඉන්දියාවයි.

ඉතින් ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ගැන තවත් කුමන කතාද?

උපුටා ගැනීම: චතුරංග රාජපක්ෂ

file

Recent Posts

BREAKING ශ්‍රීලන්කන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ තිබී සොයා ගැනේ.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ…

6 days ago

The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo

The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo, partnering with Sri Lanka’s…

2 weeks ago

ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…

3 weeks ago

සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.

ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…

3 weeks ago

පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…

1 month ago

BREAKING අද මධ්‍යම රාත්‍රියේ සිට 18 දක්වා පෙට්‍රල් වාහන සඳහා ‘QR’ ක්‍රමය ඉවතට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…

1 month ago