Categories: දේශීය

රටේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර සුරක්ෂිත කිරීම වැදගත් – විපක්ෂ නායක

සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය හා චිරස්ථිතිය තහවුරු කරන ප්‍රත්‍යක්ෂ කරන වැදගත් ක්‍රියාවක් ලෙස මේ පෙරහැර සංස්කෘතිය හැදින්විය හැකි බවත් මීට වසර 49කට පෙර මල් පෙරහැරක් ලෙස ආරම්භ වූ මහරගම පෙරහැර අද වන විට දැවැන්ත පෙරහැරක් වී ඇති බවත් මෙය සම්බුද්ධ ශාසනයේ උන්නතිය හා පැවැත්ම උදෙසා වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මහරගම ශ්‍රී විපශ්‍යාරාම පුරාණ රජමහා විහාරයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අවස්ථාව සඳහා එක්වෙමින්. ශ්‍රී විපශ්‍යාරාම රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය මහකුඹුක්වැව චන්දානන්ද මහනායක ස්වාමීන් වහන්සේලා ආරාධනයෙන් මෙම අවස්ථාවට එක් වූ අතර එහිදී ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව සදාතුක කරඩුව මංගල හස්ථිරාජයා මතට තැන්පත් කිරීමේ උතුම් අවස්ථාවට ද එක්විය.

සම්බුද්ධ ශාසනය ආරක්ෂක කිරීම රැක ගැනීම පුරවැසියන් වන සියලු දෙනාගේ වගකීම සහ යුතුකම බවත් එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා පැහැදිලිව අන්තර්ගත බවත් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කර අනෙකුත් ආගම් හා ජාති වෙනුවෙන් වන ආරක්ෂණය සහ සුරක්ෂණය ලබා දෙමින් රටේම ඒකීයභාවය භෞමික අඛණ්ඩව ආරක්ෂා කරන්න කැපවෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහමේ විවිධ අවවාද උපදෙස් අනුගමනය කරන විට සුවපත් සශ්‍රීක දේශයක් බිහි කළ හැකි බවත් බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය පුරවැසි අප සියලු දෙනාටම වැදගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Recent Posts

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාප්‍රාප්ත වී තිබෙනවා .ඊයේ…

3 days ago

1xBet ile Guvenli ve Basarili Bahis Deneyimi

1xBet ile Guvenli ve Basarili Bahis Deneyimi

7 days ago

සෙවනැලිකරුවන් අත දිවෙන ශ්‍රී ලංකාවේ EV වාහන ඛේදවාචකය

ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගන්නා වූ උත්සාහයේ දී, රජය නිශ්චිත වූ තීන්දු තීරණ…

1 week ago

තේ කර්මාන්ත හිමියන්ගේ රැස්වීම වෙනස්ම විදිහකට.හදුන්නෙත්තියි සමන්තයි දෙන්නම ඇවිත්.

තේ අපනයනයකරුවන්ගේ සංගමයේ 26 වන වාර්ෂික මහා සභා රැස්වීම Resilience Revitalization යන තේමාව ඔස්සේ (12)…

1 week ago

Mostbet: Genis Oyun Secimi Teklif Edir

Mostbet: Genis Oyun Secimi Teklif Edir

1 week ago

BYD මත පැටවෙන රේගු සෙනසුරු අපලය නිමා වෙයි ද ?

තවත් BYD වාහන 1000 ක් ශ්‍රී ලංකා රේගුව ආයෙත් රඳවාගනී - මොකද්ද මේ පිරිමහන වෛරය…

3 weeks ago