Categories: දේශීය

BYD මත පැටවෙන රේගු සෙනසුරු අපලය නිමා වෙයි ද ?

තවත් BYD වාහන 1000 ක් ශ්‍රී ලංකා රේගුව ආයෙත් රඳවාගනී – මොකද්ද මේ පිරිමහන වෛරය

මෙරටට ආනයනය කරන ලද තවත් BYD මෝටර් රථ 1000 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති බවට වාර්තා වෙනවා.

ඒ, මීට පෙර උද්ගතවූ ගැටලුව පරිද්දෙන්ම මෙම වාහනවල මෝටර් ධාරිතාවය අඩුවෙන් පෙන්වා අඩුවෙන් බදුගෙවා මෙම වාහන නිදහස් කරගැනීමට උත්සාහ දරා ඇතැයි යන චෝදනාව මතයි.

ප්‍රථමයෙන් මෙම චෝදනාව එල්ල වූයේ BYD ATTO 3 මාදිලියේ වාහන සම්බන්ධයෙනි. එහිදි එම වාහනය 150 kW වශයෙන් නිෂ්පාදිත මෝටර් රථයක් වුවත් එය 100 kW වශයෙන් රේගුවට පෙන්වා එක් වාහනයකින් රුපියල් ලක්ෂ 36ක් පමණ අඩුවෙන් බදුගෙවා ඇති බවට චෝදනාවක් එල්ල වනවා. BYD වාහන මෙරටට ආනයනය කරන ජෝන් කීල්ස් CG Auto පුද්ගලික සමාගම ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර තිබුණේ එම වාහනවල මෝටරයේ ධාරිතාවය 150 kW වුවත් මෘදුකාංගය (firmware) භාවිතා කරමින් නිෂ්පාදකයා විසින්ම මෝටරයෙන් උත්පාදනය කෙරෙන බලය 100 kW දක්වා අඩුකර ඇති නිසා මෙහි කිසිදු ගැටලුවක් නොමැති බවයි.

මෙම ගැටලුව මත මීට පෙර, 2025 ජුලි මාසයේදී BYD ATTO 3 මාදිලියේ වාහන 1000 කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් නොකර වරායේ රඳවා තබාගත් අතර ඒවා නිදහස් කරගැනීම සඳහා ජෝන් කීල්ස් CG Auto පුද්ගලික සමාගම අධිකරණය හමුවටද යාමට සිදුවුණා. එහිදී රේගුව තමන්, වාහන සඳහා බදු අයකරන්නේ වාහනයට සවිකර ඇති මෝටරයේ ධාරිතාව අනුවමය යන මතයේ ස්ථාවරව සිටි අතර මෙම වාහනවල මෝටර් ධාරිතාවය පරීක්ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ද දායකත්වය සහිත කමිටුවක් පත්කළා.

වරායේ රඳවාගෙන තිබුණු වාහන 1000කට ආසන්න ප්‍රමාණය, මෙම ප්‍රශ්නගත සිද්ධියේ බදු පරතරයට සමාන මුදලක, එනම් රුපියල් බිලියන 3.6ක පමණ මුදලක බැංකු ඇපකරයක් මත මුදාහැරීමට ද දෙපාර්ශ්වය අධිකරණය හමුවේ එකඟතාවක් ඇති කරගෙන තිබිණි. නැවත වතාවක් BYD වාහන 1000කට අධික සංඛ්‍යාවක් රේගුව විසින් රඳවාගෙන ඇත්තේ මෙවැනි පසුබිමක් තුළයි.

මේ අවස්ථාවේ රේගුව විසින් රඳවාගෙන ඇති BYD වාහන අතර ATTO 3 මාදිලිය පමණක් නොව ATTO 1, ATTO 2 සහ ඩොල්ෆින් යන මාදිලිත් ඇතුළත් වන බවටයි ආරංචිමාර්ග සඳහන් කළේ.

මෙවර 150 kW වාහන 100 kW වශයෙන් බදු සඳහා පෙන්වීම පමණක් නොව 70 kW වාහන 49 kW වශයෙන් පෙන්වීම ද සිදුව ඇති බවත් ආරංචිමාර්ග සදහන් කළා.

ඒ අනුව,

BYD ATTO 3 යන වාහනය 100kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 150kW බවත්

BYD Dolphin Dynamic යන වාහනය 49kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 70kW බවත්

BYD Dolphin Premium යන වාහනය 99kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 150kW බවත්

BYD M6 යන වාහනය 100kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 120kW බවත්

BYD Seal Dynamic යන වාහනය 100kW කාණ්ඩය යටතේ බදු සඳහා පෙන්වා ඇතත් එහි මෝටරයේ ප්‍රකෘති ධාරිතාව (Original motor capacity) 150kW බවත්

වර්තා වනවා.

එමනිසා මුල් අවස්ථාවේ රඳවාගනු ලැබූ BYD ATTO 3 වාහනය පිළිබඳව රේගුව විසින් පත්කළ කමිටුවේ තීරණය පැමිණි පසු එම තීරණයට අදාළවම දෙවැනි වතාවේ රඳවාගත් වාහන සම්බන්ධයෙන් ද කටයුතු සිදුකෙරෙනු ඇති. එතෙක් පෙර පරිද්දෙන්ම මෙම වාහන 1000 ත් රුපියල් බිලියන කිහිපයක බැංකු ඇපකරයක් මත මුදාගැනීමට සමාගමට සිදුවනු ඇති.

මෙවර රේගුව විසින් රඳවාගෙන ඇති BYD වාහන තොගය තුළ ATTO 1 වාහන 200ක්, ATTO 2 වාහන 100ක්, ATTO 3 වාහන 450ක් සහ ඩොල්ෆින් වාහන 250ක් ඇතුළත් වන බව ආරංචිමාර්ග සඳහන් කළා.

මෙම ගැටළුව හේතුවෙන් BYD වාහන ගෙන්වනු ලබන ආයතනය දැඩි පිඩාවට පත්ව සිටිනවා.පරිසර හිතකාමී මෙවැනි වාහන ගෙන්වීම තුලින් පරිසරයට පමණක් නොව මහජනතාවටද දැරිය හැකි මුදලකට සිය වාහන සිහිනය යථාර්තයක් කරගැනීමට හැකියව පවතිනවා. එවැනි පසුබිමක මෙම BYD වාහනවලටම පමණක් රේගුවෙන් කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නේ ඇයිද යන්න තවමත් විශාල ගැටළුවක්. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර විශාල පිරිවැයක් දරමින් ජනතාවගේ සිහින ය යථාර්තයක් කරනු වෙනුවට නව වාහන සිහිනය සිහිනයක්ම වන්නට ඉඩ ඇති බවටයි මහජනතාව චෝදනා නගන්නේ. මහජනතාවගේ අදහස වන්නේ නීති රීති මදිනම් කඩිනමින් නීති රීති සකසා හෝ මෙම රථවාහන වෙළදපොලට ඉදිරිපත් කරන ලෙසයි. මේ පිළිබදව විමසා බැලීමේදී පැහැදිලිව පෙනීයන කරුණක් වන්නේ රේගු නිලධාරීන්ගේ අකාර්යක්ෂම බවද ? එම පැනයට පැහැදිලි හේතුව වන්නේ අපේ රටේ නීති පද්ධතිය තවදුරටත් යාවත්කාලීන නොවීමයි. නිලධාරීන්ගේ මෙම ගැටලුව විසදමින් ලෝකයේ ප්‍රමිතිගත නිර්ණායක වලට මුල්තැන දෙමින් නීති යාවත්කාලීනව ක්‍රියාපටිපාටිය ඉදිරියට යනවානම් මිට වඩා රටේ ජනතාව සහ ව්‍යාපාරික ආයතන දියුනුවෙනු නොඅනු මානයි

Recent Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සංගක්කාරගෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්

“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…

2 days ago

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??

2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…

2 days ago

UN Resident Coordinator Makes Special Statement on Sri Lanka’s New Laws and Civic Space

Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…

3 days ago

ශ්‍රී ලංකාවේ නව නීති ගැන UN කනස්සල්ල පළ කරයි UN Resident Coordinator ගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…

3 days ago

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන.

දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM

3 days ago

දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ නැහැ-කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…

3 days ago