Sunday, April 19, 2026
Homeදේශීයඉන්දියාවේ රන් දෙවොල 'කෙළෙසීමට' තැත්කළ පුද්ගලයෙකු පහර දී ඝාතනය කෙරේ

ඉන්දියාවේ රන් දෙවොල ‘කෙළෙසීමට’ තැත්කළ පුද්ගලයෙකු පහර දී ඝාතනය කෙරේ

සීක් ආගමේ පූජනීයම සිද්ධස්ථානයට ඇතුළුවී, එහි පූජනීයත්වය කෙළෙසෙන අන්දමේ ක්‍රියාවක් සිදුකළ වගට සැකකෙරෙන පුද්ගලයෙකුට ජනයා පහර දී මරාදමා ඇතැයි ඉන්දියාවේ අම්රිත්සාර් නගරයේ පොලීසිය ප්‍රකාශ කරයි.රන් දෙවොල යනු සීක් ආගමේ ප්‍රධානතම අධ්‍යාත්මික මධ්‍යස්ථානය ෙව්.

දෙසැම්බර් 18 වැනි සෙනසුරාදා, අම්රිත්සාර් නගරයේ රන් දෙවොලේ යාඥා මෙහෙයක් අතරතුර මෙම සිදුවීම සිදුව ඇතිබව එරට මාධ්‍ය පවසයි.

මෙම පුද්ගලයා, සීක් ආගමේ ශුද්ධ ග්‍රන්ථය වන ගුරු ග්‍රන්ත් සාහිබ් තබා ඇති ශුද්ධස්ථානයේ අභ්‍යන්තරයට ඇතුළුවී ඇතිබව කියැවේ.

ඉන්පසු ඔහු ශුද්ධ ග්‍රන්ථයට පසෙකින් තබා තිබූ චාරිත්‍රානුකූල කඩුවක් අතටගත් නමුත්, ආරක්ෂකයින් සහ වන්දනාකරුවන් ඔහු බලයෙන් යටත්කර ගෙන ඇත.

සීක්වරුන් ගුරු ග්‍රන්ත් සාහිබ් ඔවුන්ගේ ආගමේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස පමණක් නොව සිය ජීවමාන ගුරුවරයා ලෙස ද සලකන අතර, එයට මනුෂ්‍යයෙකුට ලබාදෙන ගෞරවය ලබාදිය යුතුයැ යි විශ්වාස කරයි.

මෙම ගැටුම සවස 05:45ට සිදුවූ අතර, සැන්දෑ යාඥාවන් රූපවාහිනියේ විකාශනය කෙරෙන හෙයින් එය කැමරාවට ද හසුවිය.

මීළඟට සිදුවූයේ කුමක්දැයි අපැහැදිලි ය. පොලීසිය එතැනට යනවිට ඒ මිනිසා මියගොස් සිටි අතර, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතිනබව පොලීසිය පවසයි.

ඉන් පැය 24කටත් අඩු කාලයක දී, කපූර්තාලාහි කෝවිලකින් සීක් ධජය වන නිෂාන් සාහිබ් ඉවත් කිරීමට උත්සාහ කළබව පවසමින් සීක්වරුන් පිරිසක් තවත් පුද්ගලයෙකුට පහර දී මරා දමනු ලැබුණි. කපූර්තාලා ද අම්රිත්සාර් සේම පන්ජාබ් ප්‍රාන්තයේ පිහිටි නගරයකි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, මුල දී පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවටගත් නමුත් පසුව ප්‍රදේශවාසීන් පොලිසිය සමග ගැටුමක් ඇතිකරගෙන පුද්ගලයා මරා දමා ඇතිබව යි.

මෙම සිදුවීම සිදුවන්නේ, දෙවොල අසල ඇති කෘතිමව නිමැවුණු තටාකයකට කුඩා සීක් ශුද්ධ ග්‍රන්ථයක් වන ගුත්කා සාහිබ් විසි කළබව කියන තවත් මිනිසෙකු අත්අඩංගුවට ගැනීමෙන් දින කිහිපයකට පසුව ය.

ගුරු ග්‍රන්ත් සාහිබ් කෙළෙසීම සීක් ප්‍රජාව අතිශයින්ම ආවේගයට පත්කරවන කාරණාවකි.

මෙවන් කෙළෙසීම් කීපයක් 2014 සහ 2015 වසරවල දී සිදුවූ අතර, 2017 සහ 2019 පන්ජාබ් මැතිවරණවල දී එය ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයක්බවට ද පත්විය.

READ:   පෙරහැරට ගෙනා අලියෙකු පහරදී 12 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට

වාර්තාව බී.බී.සී

Courtesy : BBC Images : GETTY IMAGES

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්