Tuesday, March 10, 2026
Homeදේශීයකොළඹ මහ නගර සභාවේ කල්මරන නිලධාරීන්ගේ මජර ගතියෙන් ජනතාව නොමැරී මැරේ..! නව...

කොළඹ මහ නගර සභාවේ කල්මරන නිලධාරීන්ගේ මජර ගතියෙන් ජනතාව නොමැරී මැරේ..! නව පුරපතිනියගේ අවධානයට

කොළඹ මහනගර සභාවේ සිදුවූ අකටයුත්තක් පිලිබදව විශේෂ වාර්තාකරුවෙකු විසින් ගෙන එන ලිපියකි.

දිනකට මිලියන ගණනක ආදායමක් ලබන කොළඹ මහනගර සභාවේ සේවයේ නියුතු ඇතැම් මජර රාජ්‍ය සේවකයින් ගේ පිළිකුල් සහගත හැසිරීම සහ තම සේවය පැහැර හැරීම පිලිබදවයි මේ බලධාරීන්ගේ අවදාණයට යොමුකරන්නේ.

කොළඹ මහනගර සභාවට විශාල අදායමක් ලැබෙන ප්‍රධානම ආධායම් මාර්ගය වන්නේ බදු අදායමයි.කොළඹ මහනගර සභාව නොව රටද දුවන්නේ ඒ බදු ආදායම පදනම්ව බවට කිසිදු තර්කයක් නැත. කෙසේ වෙතත් එම ආදායම එකතු කරන කොළඹ මහනගර සභාවේ ආදායම් දෙපාර්ත මේන්තුව (revenue) තුල සේවයේ නියුතු ඇතැම්නිලධාරීන් සහ බලධාරීන් තමන්ට මාසික චේතනයක් ලැබෙන්නේ කුමකටද, තමන්ගේ රාජකාරිය කුමක්ද කියාවත් දන්නවාද කියා සැක සහිතය.

කොළඹ නගරය තුල පවත්වන සැණකෙලි,සංගීත සංදර්ශන ඇතුළුව විනෝදාස්වාදය සපයන මාධ්‍ය මගින් අති විශාල අධායමක් දිනකට රජයට ලැබෙන්නේ රටේ සංවර්ධනයටද ඉන් මනා පිටු බලයක් සපයමිනි.එවැනි පසුබිමක කොළඹ මහනගර සභාවේ මජර නිලධාරින් සිය රාජකාරිය නිසියාකාරව සිදු කරනවාද යන්න විශාල ගැටලුවකි. ප්‍රධාන වශයෙන් සැණකෙලි,සංගීත සංදර්ශන ඇතුළුව විනෝදාස්වාදය සපයන මාධ්‍ය සංවිධානය කරන සංවිධායකවරුන් සහ ආයතන ඒ සදහා නිවැරදිව බදු සහ අදාලා ගෙවීම් නිවරදිව සිදුකලත් නගරසභාවේ ඇතැම් නිලධාරීන් ඊට නිසි පරිදි සේවාව සැපයීම සිදු නොකිරීම විමතියට කරුණක්.

” පසුගිය දා පැවති එක්තරා සංගීත ප්‍රසංගයක් සදහා අවසර ගැනීම සහ ගෙවීම් සිදුකිරීම සදහා මා කොළඹ මහ නගර සභාවේ ආදායම් දෙපාර්තමේන්තුව (Revenue Department) වෙත ගියේ අදාළ කටයුතු සලසා ගැනීමේ අරමුණින් යුතුවයි.
එහිදී නිළධාරිනියක් එම කටයුතු බාරව සිටි බැවින් මා එම නිලධාරිනිය මුණ ගැසී මාගේ අවශ්‍යතාවය පැවසු පසු ලබාගත යුතු අවසර පත්‍ර කිහිපය සහ ගෙවිය යුතු බදු පිලිබදව දැනුම්වත් කරන ලදී. අනතුරුව විහාරමහාදේවි එළිමහන් රංගපිඨය වෙනුවෙන් ගොඩනැගිලි අංශයෙන්ද අවසර ගතයුතු බව පැවසීම නිසා එම අංශයටද මා ගියෙමි. ගොඩනැගිලි අංශය ඇත්තේ වෙනමම ගොඩනැගිල්ලකය. පෙර නිලධාරිනිය සහ ගොඩනැගිලි අංශයේ නිලධාරින්ද නයා සහ මුගටියා වැනි විරසකයක් ඇති බවට මට වැටහුනේ කිහිපවරක්ම එම දෙපාර්තමේන්තු දෙක වෙත දින කිහිපයක් බදගානට වූ නිසාය. ‘මම දන්නේ නැහැ ඒක එයාලගෙන් අහන්න, එක මට අයිති දෙයක් නෙවෙයිනේ, මෙගෙන් මේවා අහන්න එපා… ඒක එයාල එක්ක බලාගන්න …’ ඔවැනි දෙබස් අතර කාලය කා දමමින් කෙසේ හෝ මාගේ අවසරය ගත යුතු නිසා ඉවසා සිටිමින් නැවතත් අදාළ නිලධාරිනිය හමුවට ගියේ සියලු ලියකියවිලිද රැගෙනය. හොදම කථාව දැන්ය… මට ප්‍රවේශපත්‍ර 2000ක් මුද්‍රණය කරගත වුවත් එසේ කළ නොහැකි බව එම නිලධාරිනිය පවන ලද්දේ සම්පුර්ණ ප්‍රවේශපත්‍ර 4400ම මුද්‍රණය කලයුතු බවත් ඒ සියල්ල සදහා බදු ගෙවියයුතු බවයි. මුද්‍රණ ගාස්තුද ඉතා විශාල වශයෙන් යොදවමින් වැඩි ප්‍රවේශපත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කර අවසානයේ ඒ සදහා සියලු බදු ද ගෙවනු ලබුවේ එය සාමාන්‍ය ක්‍රියාපටිපාටිය ලෙස සලකමිනි. මෙතැනදී මට ඇතිවන ප්‍රධාන ගැටලුව නම්,මට ප්‍රවේශපත්‍ර අවශ්‍ය ගානට වඩා දෙගුණයක් මුද්‍රණය කිරීමෙන් වන පාඩුව දරන්නේ අන් කිසිවෙකු නොව මාම පමණක් වීමයි. ප්‍රසංගය පවත්වන අතරතුර නගරසභාවේ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම පැමිණ විමර්ශන නිරීක්ෂණ සිදුකරන බැවින් මා වැඩිපුර මුද්‍රණය කළ ටිකට්පත් වලින් මොනවා කරන්නදැයි මට නොවැටහේ…

READ:   හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටට පැමිණීම කල් යයි

පසුව ප්‍රසංගය පවත්වා අවසානයේ ඉතුරුවූ ටිකට්පත් ද රැගෙන ගිය පසු ඒවා නිළධාරිනිය වෙත ලබදුන්පසු ඇයගෙන් ලැබෙන්නේ අපුරු පිළිතුරුය. සබයින්ම මොවුන් රාජ්‍ය සේවකයින්දයි සැකසහිතය. මොවුන්ට රස්සාව දුන්නේ කවුදැයි සිතින් සිතමින් අදාළ ටිකට්පත්වල අංක සහ තොරතුරු පුරවන්නට වුණේද මටමය.අපි බදුගේවන්නේ කුමටදැයි මට යලි යලිත් සිහියට ආවේ කොළඹ මහ නගර සභාවේ ආදායම් දෙපාර්තමේන්තුව (Revenue Department) කොනක මේසයක හිදගෙන මගේම ඉතුරු ප්‍රවේශපත්‍ර මාම සලකුණු කරමින් සිටින විටදීය… ඉන් අනතුරුව එම ලියකියවිලිද අදාළ නිලධාරිනියට ලබාදුන් පසු ඇගේ පිළිතුර වුයේ මගේ වැඩ ඉවරයි අහවල් අක්ක තමයි දැන් බලන්න ඕන ඉතුරු ටික එයා එක්ක බේරගන්න යනුවෙනි. අගේ ප්‍රකාශයේම ගැබ්ව ඇත්තේ කොළඹ මහ නගර සභාවේ ආදායම් දෙපාර්තමේන්තුවට (Revenue Department) එකට මේක අලුත් සෙල්ලමක් නොවන වග නොවේද? පසුව සතියක් ගියපසුත් කිසිදු ප්‍රතිචාරයක් නොලද බැවින් මා නැවත ඒ පිලිබදව ගිය විටත් මගේ වැඩේට අතගසාවත් නොතිබූ අතර මා ගිය පසු වැඩේ මතක්වු සෙයකින් තව සති දෙකකින් මුදල් වැටෙන බවට මා හට සදහන් කරන ලදි… අපගේ රාජ්‍ය සේව්‍ය පිලිබදව හොදින් දන්නා මා කරබාගෙන නැවත හිස්වූ මනසින් නිවසට පැමිණියේ තවත් සති දෙකක කාලයක් ඒ මහා වාදය නිම කරන්නට අපගේ ගෞරවනීය රාජ්‍ය සේවකයින්ට ඉඩ හසර ලබාදෙමිනි. පුදුමයකි… තවත් සති දෙකකට පසුව කොළඹ මහ නගර සභාවේ ආදායම් දෙපාර්තමේන්තුව (Revenue Department) එකට ගිය මට එහි සිටි අප ගෞරවනීය රාජ්‍ය සේවකයින් පැවසුවේ අදාළ නිලධාරිනිය චිකන්ගුන්‍යා වැලදී රෝහල්ගතකර ඇති අතර ඇය රෝහලේ සිට නැවත පමිනෙන තෙක් සිටින්නට වන බවයි. එම රාජ්‍ය සේවකයා කටක් ඇර එසේ කිවේ කෙලෙසද යන්න පුදුම සහගතය.. එකෙක් මැරුනොත් වැඩේ වෙන්නේ නැතිදැයි ඇසීමට කටට ආවද එම නිලධරියා දවලට නොකෑ බව පවසමින් වැඩ වැඩිබවත් පවසමින් ඔහුගේ ලොක්කන්ට දෙස්දෙවොල් තියමින් පිටව ගියේ මා එතනට පැමිණ ඔහුගේ බත් පත උදුරාගත්තාක් මෙනි. කෙමෙන් කෙමෙන් සති දෙකක් ගතවිය… කිසිදු පිළිතුරක් නැත. මා මෙන්ම බොහෝදෙන්ක්ගේ වැඩ පසුවී තිබුනේ අර චිකන්ගුන්ය වැළදුණු නිලධාරිනිය නැවත නොපැමිණි නිසාය. එතකොට රාජ්‍යසේවකයෙක් නිවාඩු ගියපසු එම සේවයට වෙනත් නිලධාරියෙකු අනියුක්ත කරන්නේ නැතිද යන්න බලවත් ගැටලුවකි. ඒ පිලිබදවනම් වගකිවයුතු බලධාරීන් සොයාබැලිය යුතුමය.බිලියන ගණනින් ආදායම් එන කොළඹ මහනගර සභාවද මේ ..කෙසේ හෝ නැවත මාස දෙකකට පසු ඊයේ දිනයේ මම නැවත කොළඹ මහනගර සභාවට ගියේ මට අයවියයුතු ලක්ෂ 8කට ආසන්න මුදල පිලිබදව සොයාබැලීම සදහායි. මහත් පුදුමයකි. මගේ නමට ඇති වවුචර් පත අස්ථානගතව ඇත. මා ඉහලට පැමිණිලි කල පසු ආදායම් දෙපාර්තමේන්තුවේ (Revenue Department) නිලධාරීන් එකිනෙකාට චෝදනාකරමින් පොරකුකුල්ලුන් මෙන් කකොගසමින් එකිනෙකට චෝදනා කරගත්තේ පැමිණ සිටි අනෙක් පිරිසද වික්ෂිප්ත කරමිනි.
අහෝ කණගාටුවට කරුණනම් මේ කාලගෝට්ටිය අස්සේ මන් කලින් පැමිණි විට බඩගින්නේ සිටි නිලධාරියා අදත් බඩගින්නේය.. ඔහු අද දවල්ටත් දිවා ආහාරය ගෙන නැත. මට පුදුමටය කරුණනම් මෙලෙස බඩගින්නේ වැඩකරන වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් අතින් මාගේ වවුචරය නැති වුයේ කෙලෙසද යන්නයි… ”

READ:   බෙල්ලන්විල 2023 වාර්ෂික ඇසළ පූණ්‍යෝත්සවය සහ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

මේ පිලිබදව නගරාධිපති තුමිය පවා පෞද්ගලිකව දැනුවත් කළ අතර දැන් මට ඇත්තේ බලාසිටීමට පමණි…
මෙය කියවන බලධාරීන්ට අස් ඇරෙනවානම් මෙලෙස කී දහසක් දෙනා රස්තියාදු වෙනවාදැයි වැටහෙනු ඇත.අප වැනි අදායම් උපයාදෙන්නන් හට රජය සළකන්නේ මෙලෙසනම් තවදුරත් මෙවැනි දේ සංවිධානය කර කුමටද යන්න මා හට පැනනගින ගැටලුවයි.

ව්‍රායි කැලී බල්තසාර් ගරු නව නගරාධිපති තුමියනි, මෙවැනි අකටයුතුකම් රැසක් කොළඹ මහනගර සභාවේ නිලධාරීන් අතින් දිනකට සිදුවන බව එහි දින ගණනක් තිස්සේ රස්තියාදු වූ මට දැකගන්නට ලැබුණි. ඇතැම් නිලධාරීන් බදු ගෙවන්නට එන රාජ්‍ය සේවකයින්ට කතාකරන්නටවත් දන්නේ නැත. මෙය එම නිලධාරීන් කාලයක් තිස්සේ හුරුවූ සහ හුරු කෙරු සම්ප්‍රධායි. තවදුරත් එය එසේ වියයුතු නැත. අප විසින් ගෞරවනීය රාජ්‍ය සේවයක් ඇතිකලයුතු නොවේද? ඔබතුමිය මේ පිලිබදව නොදන්නා බව අප ඉදුරාම දන්නෙමු. නමුත් මෙවැනි ක්‍රියා නිසා කොළඹ මහනගර සභාවට සිදුවන හානිය අතිමහත්ය. ඒ නිසාම මෙපිලිබදව අවධානය යොමුකරන ලෙස වගකිවයුතු සියලු බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්