Saturday, April 25, 2026
Homeදේශීයඑලිසබෙත් රැජනට අවසන් ගෞරව දක්වන පෝලිමේ පළමු තැන ශ්‍රී ලාංකික කාන්තාවකට

එලිසබෙත් රැජනට අවසන් ගෞරව දක්වන පෝලිමේ පළමු තැන ශ්‍රී ලාංකික කාන්තාවකට

රැජනගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට ජන ගඟ ගලයි

ඊයේ ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කළ එලිසබෙත් මහ රැජනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අතිවිශාල ජනතාවක් පෙළගැසී සිටි බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඒ අතුරින් පළමුවෙන්ම අවසන් ගෞරව දැක්වීමේ භාග්‍යය උදා වූයේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවකට බව එරට මාධ්‍ය වාර්තා කළේය. ලන්ඩන් නුවර පදිංචි 56 හැවිරිදි වැනේසා නාතකුමාරන්ට මේ භාග්‍ය උදා වූයේ දෙදිනක් පුරා පෝලිමේ රැඳී සිටීමෙන් පසුවය.

ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර සිට රැජනගේ දේහය ගුවනින් රැගෙන ඒමටත් පෙර ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ශාලාව අසල ජනතාව පෙළ ගැසීමට පටන් ගෙන තිබිණි. වැනේසා නාතකුමාරන් දින දෙකක් පුරා පෝලිමේ රැඳී සිටියදී ඇයට ආහාරපාන සැපයීම සිදු කර ඇත්තේ ඇගේ දියණියන් විසිනි.

තමා වසර 1980දී වැඩිදුර අධ්‍ය­ාපන කටයුතු සඳහා බ්‍රිතාන්‍යයට පැමිණි බවත්, සිය ඥාතියකු ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර යුගයේදී හයවැනි ජෝර්ජු රජුගෙන් නයිට් නාමයක් ද ලබා තිබූ බවත් වැනේසා ‘දි ගාඩියන්‘ පුවත්පතට ප්‍රකාශ කර තිබේ. වසර 70ක් පුරා වෙහෙස නොබලා සේවය කිරීම වෙනුවෙන් දින දෙකක් වැය කිරීම වටින බව පෝලිමේ රැඳී සිටි ජනතාව මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

උපුටා ගැනීම දිනමිණ පුවත්පත

READ:   ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතින් එකතුවෙන ඩොනියර් 228 යානය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්