ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු ඉනිම අතරතුර ශතකයක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
දිමුත් කරුණාරත්න අයර්ලන්තයට එරෙහිව තරගාවලියේදී රැක් කළ දෙවන ටෙස්ට් ශතකය මෙය වෙනවා.
මේ වන විට ඔහු නොදැවී ලකුණු 101 ලබා ගෙන සිටිනවා.
අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 492 ක් ලබා ගත්තා.
සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 192 ක් ලබා ගෙන සිටිනවා.


