Thursday, March 5, 2026
Homeදේශීයමතුගම ප්‍රාදේශීය සභාවෙන් කල එළි දකින අංකුර ගායකයා… දීප් ගී මියැසියෙන් අගෝස්තු...

මතුගම ප්‍රාදේශීය සභාවෙන් කල එළි දකින අංකුර ගායකයා… දීප් ගී මියැසියෙන් අගෝස්තු 10 දා ඔබ හමුවට.


මතුගම ප්‍රාදේශීය සභාවේ සේවයේ නියුතු, වසර 25 කට වඩා සංගීත ක්ෂේත්‍රයේ නියැලුනු ප්‍රදීප් කුමාර,සිය ප්‍රථම ඒක පුද්ගල ගී ප්‍රසංගය අගෝස්තු 10 දා සවස 6.30ට මතුගම ශ්‍රවනාගාරයේදී දීප් ගී මියැසිය නමින් එලි දැක්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා.

තරිදු ලක්ෂාන් මිහිරංග විසින් රචනා කොට සංගීතය සැපයූ ප්‍රදීප් කුමාරගේ ප්‍රථම ගීතයද මෙය වනවා.

දීප් ගී මියැසිය,අංකුර කලාකරුවෙකුට අතහිත දීමක් ලෙසින්, මෙහි මාධ්‍ය සම්බන්ධීකරණ කටයුත්ත ශ්‍රී ප්‍රජා සංවර්ධන පදනම මගින් සිදු කරනු ලබනවා.

සහජ හැකියාවන් තුල,තම ගායන කෞෂල්‍යය දිනා ගැනීමට වෙර දරන ප්‍රදීප් කුමාර මතුගම යටදොල පදිංචිකරුවෙක්.

ඔහු මතුගම ප්‍රාදේශීය සභාවේ සිය වෘත්තීය සිදු කරන අතරතුර ගායන ශිල්පියෙකු ලෙස සිය කුසලතාව,ඔප් නංවා ගනිමින්, සමාජයේ රැදී සිටීමට දරන වෑයම වෙනුවෙන් ඔබටද සහාය විය හැකියි.

මෙලෙස එළිදක්වන කුළුඳුල් ගීතයත් සමග ඔහුගේ සංගීත දිවියේ තවත් කඩ ඉමක් පසු කරනු ඇත.

READ:   අද පාසැල් සඳහා විශේෂ නිවාඩුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්