ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කර තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා විසින් ඒ බව මීට සුළු මොහොතකට පෙර නිල වශයෙන් ප්‍රකාශ කළා.
ඒ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ දී.
අද (07) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතකින් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා.


